
(යොහාන් භාසුර)
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීණි.
දෙරට අතර ආරක්ෂක හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ පොලිස්පතිවරයා සමඟත් කළ ඵලදායි සාකච්ඡා පිළිබඳව උප අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.
මිනිස් ජාවාරම මැඩලීමේ වැඩපිළිවෙල පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ අතර මියන්මාරයේ මිනිස් ජාවාරමට හසුව සිටින ශ්‍රී ලාංකිකයන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා තායිලන්ත රජය දක්වන සහය පිළිබඳව ප්‍රශංසාව පළ කළ අග්‍රාමාත්‍ය අමරසූරිය, දැනට විපතට පත්ව සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 18 දෙනා නිදහස් කර ගැනීම සඳහා තවදුරටත් සහාය අපේක්ෂා කරන බවද පැවසුවාය.

2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තායිලන්ත උප ඇමති අගමැතිනිය හමුවෙයි