IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘තායිපේ සිටි කප්‘ තරඟාවලියෙන් පදක්කම් 05 ක්

(ටී.කේ.ජී.කපිල )

තායිපේ සිටි කප් ජාත්‍යන්තර බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලාංකික යොවුන් බොක්සිං ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය ඉකුත් 22 දින සිට 25 දින දක්වා  තායිවානයේ තායිපේ නුවර ප්‍රථම වතාවට ලෝකයේ යොවුන් බොක්සිං ක්‍රීඩකයින් වෙනුවෙන් සංවිධානය කර තිබූ අතර ඒ සදහා රටවල් 08 ක යොවුන් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියහ .

එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ තෙනුවන් මීගල්ල සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ එච්.එම්.පී.ඩී.හීන්කෙන්ද යන යොවුන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනා රන් පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම කොළඹ සහිරා විද්‍යාලයේ තුෂාල් ආසිල් මෙම තරගාවලියට සහභාගී වී රිදී පදක්කමක් දිනා ගෙන තිබුණි .

ඊට අමතරව පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ රවිදු ජීවන්ත සහ වේයන්ගොඩ ජනාධිපති ජාතික විද්‍යාලයේ මවිදු නිම්සර යොවුන් බොක්සිං ක්‍රීඩකයින් දෙදෙනා ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .

එසේම මෙම තරගාවලියේ හොදම විනිසුරුවරයා ලෙස ශ්‍රී ලංකාවේ කපිල සුගතදාස මහතා සම්මානයට පාත්‍ර වී තිබුණි .

 



අදහස් (0)

‘තායිපේ සිටි කප්‘ තරඟාවලියෙන් පදක්කම් 05 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site