IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තඹුත්තේගම ඕඅයිසී නොකියාම යන්න ගිහින්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දින තුනක පමණ සිට ආගිය අතක් නොමැති බව මූලස්ථාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තවදුරටත් රාජකාරී කිරීම අපහසු බවට පොලිස් පොතේ සටහනක් යොදා ඔහු පොලිස් ස්ථානයෙන් පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පොලිස් පොතේ සටහනක් යොදා පිටව ගොස් ඇතත් ඔහු සොයා ගැනීමට අවශ්‍යව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහු ඉන්නා තැනක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ගැන කිසිදු තොරතුරක් ඊයේ වනතුරු ද දැනගැනීමට ලැබී නොමැති බව පොලිස් මාර්ග සඳහන් කළේය.

. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ඔහු වැඩ තහනමකට ලක් වී පසුව යළි සේවයේ පිහිටුවා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී භාරගෙන සිටියේය.

මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මීට මාස කිහිපයකට ඉහතදී තඹුත්තේගම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර යවා සිටි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

 



අදහස් (11)

තඹුත්තේගම ඕඅයිසී නොකියාම යන්න ගිහින්

Hemantha Thursday, 12 September 2024 07:45 AM

මේ මනුස්සයාට කාරුණිකව සළකන්න.... රාජකාරි කිරිමේ දී පහසු නෑ.. විශේෂයෙන් පොලිසි වල ලොකු තනතුරු...

:       2       36

sanil Thursday, 12 September 2024 08:38 AM

වැඩ තහනමකට ලක්වුණු කෙනෙකුව නැවත පොලිස් ස්ථානාධිපති වැනි වගකිවයුතු තනතුරකට පත්කළ අයට පළමුවෙන්ම දඬුවම් දියයුතුයි .

:       17       41

Some guyThursday, 12 September 2024 07:17 PM

ඒක මහ මෝඩ කතාවක් නේද? නිර්දෝෂී නිසා නොවෙයි, ආපසු රැකියාව ලැබෙන්න ඇත්තේ...!

:       2       13

SarasiMonday, 23 September 2024 02:37 PM

උන්ගේ වැඩ කරගන්න පාවිච්චියට ගන්නවා වෙන්න පුළුවන්, තඹුත්තේගමටම දාන්න ඇත්තේ නිකං නෙවෙයි.

:       0       0

Samantha Thursday, 12 September 2024 09:14 AM

පෙරහර එන්න ඉස්සර වෙලා මාර්ගයේ ඉඩ ගැනීමට කස කාරයෝ එනවනේ

:       1       27

Bunny Preena Thursday, 12 September 2024 09:43 AM

බංකොලොත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් සෑහෙනට බලපෑම් වලට ලක්වී පීඩා විදින පුද්ගලයකු විය හැකිය....

:       1       24

ඇන්ඩ්රු සෙබඩවිල Thursday, 12 September 2024 12:35 PM

තඹුත්තේගම අපේ කුමාරයා රජ පුටුවට එනකල් ටිකක් ඉන්න බැරි උණු හැටි මෙයාට

:       8       26

Frenando Thursday, 12 September 2024 05:10 PM

ඇන්ඩෲ, ඔතැන සිදුවෙලා ඇත්තේ සමන්ත ඉදිරිපත් කළ අදහස දැන්මම සිදුවෙලා කියලා හිතන්න අමාරුද?

:       1       3

Priyantha sd Friday, 13 September 2024 07:50 AM

පොලිසිය තියෙන්නේ පුද්ගලයන් හා ඔවුන් ජීවිත හා දේපල ආරක්ෂා කරන්න. නමුත් අපේ රටේ ජනතාවට පොලිසිය ගැන කිසිම විශ්වාසයක් නැහැ. පගාව ගන්නවා. සල්ලි කාරයින්ට සලකනවා. පොඩි මිනිහා තලනවා. බොරු වැරැදි දාලා නඩු දානවා. ඇත්තටම පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරන තත්ත්වයට එනකං රටේ ජාවාරම්, අපරාධ, දූෂණ, අපරාධ වළක්වන්න බැහැ. ඇයි තමන්ගේ රාජකාරිය හරියට කරන්න බැරි...? පොලිස් කාන්තාවන් කතාකරන්න දන්නේ නැහැ. හරියට රාජකාරි කරන්න හැම කෙනෙක්ම. නැත්නම් අවසානයේ විඳවලා මැරෙන්න වෙන්නේ. අතපය හයිය කාලේ චන්ඩිකම්, බලුකම් කළාට, ඇඳේ වැතිරිලා විඳවද්දී කරපු වැරැදි මතක් වෙනවා.

:       0       13

Jayawardhana Tuesday, 17 September 2024 09:11 PM

ඔය කවුරු වුනත් වැරදි කරලා දන්න කෙනෙකුට කියලා බේරෙන්න තමා හදන්නේ .හැමෝම වැරදි කළාට පස්සේ නීතිගරුක වෙන්නේ නැහැ .ඒ වගේ වැරදි කරලා ජනතාවත් හදන්නේ කොහෙන් හරි බේරෙන්න තමා .සමහර වෙලාවට පොලිසියත් අසරණයි. පොලිසියේ ඉන්නෙත් මේ රටේ මිනිස්සුම තමා අපේ රටේ ඉන්නේ රැල්ලට යන පිරිසක් මොකක්ද හරි මොකක්ද උනේ මොකද වෙලා තියෙන්නේ ඒවා මුකුත් හොයන්න ඇති

:       0       6

don Monday, 23 September 2024 01:44 PM

මේ වගේ මනුස්සයෙක්ව ඔය පොලිසියට පත්කරන්න හේතුව හිතාගන්න පුළුවන් වැලිකඩ සහ කොටුවේ හිටපු කෙනෙක්ව ඔය පොලිසියට දාන්නෙම ලොකු දෙයක් අපේක්ෂාවෙන්...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site