(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සුප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පීයකු වන නිශාන්ත සිරිවර්ධන මහතා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (02) දා සවස මියගිය බව ඔහුගේ පුත් කුෂාන් සිරිවර්ධන මහතා පවසයි .
එක් දරු පියෙකු වූ ඔහු මිය යන විට 49 වන වියේ පසුවිය.
ඩයනමයිට් සංගීත කණ්ඩායමේ තබ්ලා වාදන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පැමිණ සමන් ඇන්ඩ් ද ක්ලෑන් , මේරියන්ස් , මහේෂ් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ් ඇතුළු දිවයිනේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්වල තබ්ලා වාදන ශිල්පියකු ලෙස සේවයේ නිරත ඔහු අවසාන වශයෙන් මනෝජ් පීරිස් මහතාගේ සංගීත කණ්ඩායමේ තබ්ලා වාදන ශිල්පියා ලෙස කටයුතු කළේය.
මීට අමතරව මියගිය නිශාන්ත සිරිවර්ධන මහතා දෝස්ති සහ ශනිස නමින් සංගීත කණ්ඩායම් දෙකක නායකයා ලෙසද කටයුතු කර තිබේ.
තබ්ලා වාදන ශිල්පියෙකු ලෙස වසර 35 පුරා සිදුකළ සේවය අගයා හොඳම තබ්ලා වාදන ශිල්පියා ලෙස ජපාන රජයෙන් පිරිනැමූ සම්මානයෙන් ද පිදුම් ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තබ්ලා වාදක නිශාන්ත දිවි සැරිය නිමා කරයි