IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘‘තැබෑරුම නොවැහුවොත් ඡන්දෙට අපි නෑ‘‘

(රංජිත් රාජපක්ෂ)

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් විවෘත කිරිමට ලබා දි ඇති මත්පැන් අලෙවි බලපත්‍රය අවලංගු කිරිමට බළධාරීන් පියවර නොගතහොත් වටවල ප්‍රදේශයේ කිසිදු ජන්ද දායකයකු ජනාධිපතිවරණයේදි කිසිදු අපෙක්ෂකයකුට ජන්දය භාවිතා කිරිමෙන් වැලකි සිටින බව මත්පැන් අලෙවිසල විවෘත කිරිමට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවෝ පිරිසක් පවසති.

වටවල කුයිල්වත්ත ප්‍රදේශයට අලුතින් මත්පැන් අලෙවිසලක් විවෘත කිරිමට රජය මගින් නව මත්පැන් බලපත්‍රයක් ලබාදිමට එරෙහිව වතු කම්කරුවන්, ප්‍රදේශවාසින් සහ පාසල් ළමුන් පිරිසක් පසුගිය දින කිහිපය පුරාම එම මත්පැන් අලෙවිසල විවෘත කිරිමට නියමිත ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණවල නිරත වූහ.

උද්ඝෝෂණයේ නිරත වු වතු කම්කරුවන් කියා සිටියේ තමුන්ට රජයෙන් වැඩිකල රු 1700 වැටුප මෙතෙක් ලබාදිමට රජය කටයුතු නොකර සිටියදි, දැනට දෛනිකව ලබා ගන්නා රු 1000 වැටුපෙන් ජිවත් විමට පවා නොහැකිව තිබියදි අලුතින් මත්පැන් අලෙවිසලක් විවෘත කලහොත් තමන් තවත් ආර්ථික වශයෙන් පහතට වැටෙන බවයි.

 



අදහස් (6)

‘‘තැබෑරුම නොවැහුවොත් ඡන්දෙට අපි නෑ‘‘

Nilantha Monday, 02 September 2024 08:29 AM

නොබී හිටියම ඉවරනේ...බලෙන් සල්ලි උදුරලා අරන් බොන්න දෙන්නෙ නෑනේ.. වෙළඳ ව්‍යාපාර ඕනතරම් තියෙන්නේ ආරම්භ කරලා වෙළඳාම නැත්නම් වහලා දාන

:       14       49

Bunny Preena Monday, 02 September 2024 11:40 AM

හරියට දියවැඩියා රෝගීන් පෙළෙන සමහර උදවියත් කියවනවනේ කෑම දැක්කාම... කන්ඩමයි හිතෙන්නේ කියලා... ඒවගේ වෙන්න ඇති...

:       4       15

Ruwan priyadarshana Monday, 02 September 2024 01:29 PM

ගමේ කසිප්පු මුදලාලිලාද දන්නේ නෑ. මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ... තැබෑරුම් තිබුණාට බොන්නේ නැති අය නොබී හිටපල්ලා බොන අයට බොන්න විතරයි බාර් තියෙන්නේ. බලෙන් කාටවත් පොවන්නේ නෑනේ...!

:       5       11

Piyasena T.AMonday, 02 September 2024 02:34 PM

ඒක ඇත්ත 88-89 කාලයේ මුලින්ම ඡන්දය පාවිච්චි කරන අයට මරණය කියලා ඒ කාලයේ විප්ලවීය කණ්ඩායමේ අය ප්‍රචාරය කලා ඒක අනුගමනය කලානම් ඔය අරක්කු වෙළෙන්දා අකුලාගෙන යන්න පුළුවන් එහෙම නැතුව උද්ඝෝෂණ කරන්නේ නම් වහන්නම ඕන කමකට නොවෙයි අපි දන්නවා මෑතකදී ධනරින තුමාගේ උද්ඝෝෂණයකින් කලේ පිටිපන හන්දියේ අරක්කු කඩේ ස්ථිරවම ඇතිවීම පමණයි

:       0       0

saki Monday, 02 September 2024 05:49 PM

මේ මත්පැන් හල් විනාශ කළ යුතුයි.

:       0       0

Perera Tuesday, 03 September 2024 02:47 AM

නොමිලේ බොන්න අරන් දෙන පක්ෂෙට මේ අය පෝලිමේ ගිහින් චන්දෙ දෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site