IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තාබුගලට මරණ තර්ජන

(රෝෂන් තුෂාර)

රහස් පොලිසියට එරෙහිව පැය දහයක රහස් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ ලබා දුන් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරුට ඇතැයි කියන ජීවිත තර්ජන සම්බන්ධයෙන්  නියෝග නිකුත් කිරීම ලබන 10 දින සිදුකරන බව  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (03) දන්වා සිටියාය.

සැකකාර තාඹුගල මහතාට හා ඔහුගේ බිරිඳට මෙම තර්ජන එල්ල වී ඇති බවට නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ සුදුසු නියෝගයක් කිරීමට දින ලබා දුන්නාය.

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන  රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි   තාඹුගල සැකකරු      සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් අධිකරණයට කැරුණු  ඉදිරිපත් කරමින් තම සාක්ෂිකරුවන්ටද ජීවිත තර්ජන එල්ලවී ඇති බවත් සාක්ෂිකරුවන් මේ වන විට විදේශගත වී ඇති බවත් සඳහන් කළේය.



අදහස් (6)

තාබුගලට මරණ තර්ජන

Muthu Wednesday, 03 July 2024 12:24 PM

හොඳටම පැහැදිලි දෙයක් වේගන යන්නේ...ඊළඟ ඡන්දෙට කලින් සේරම කුණු හෝදලා දාලා සියලු වංචා හොරකම් සුදු කරනවා....ආයිම එලියට අදින්න බැරි විදියට...අලුත් රජයක් යටතේ....

:       0       13

Kumara Wednesday, 03 July 2024 12:47 PM

ප්‍රියාන් මැණික්, තාඹුගල​, හන්සමාලී රාජපක්‍ෂලාගේ මනි ලොන්ඩරින් මැෂින්...

:       4       20

Prabha Wednesday, 03 July 2024 12:56 PM

දැන් නඩුව යන්නේ වෙන පැත්තකට. කොහොමද ටිකිරි මොලේ?

:       1       12

සමන්ත බංඩාර Wednesday, 03 July 2024 02:48 PM

මේක මේ පියුමාලි කතාවක් වගේ පේන්නේ නෑ. දේශපාලන වගේම CID නිලධාරීන් එක්ව සේනානායක කියන නඩු නිමිත්තේ අය එක්ව කරන කටයුතු වගේ පේන්නේ. money londry කරන්න මේ අයව පාවිච්චි කරන්න ඕන නෑ. ඒ අයට ඕන තරම් ක්‍රම තියෙනව. ඕව ළදරු කතා. මේ කරන්නේ මේ තාඹුගලගේ සල්ලි ගන්න ක්‍රමයක් වගේම දේශපාලනයට එයි කියන එකට ක්‍රමයක්...

:       2       1

Kamal Koyrala Wednesday, 03 July 2024 03:36 PM

තාඹුගල මහතාට හා ඔහුගේ බිරිඳට මෙම තර්ජන එල්ල වී ඇති බවට කියන බැවින් සියලු අකටයුතුකම් මගහැර යන්න බුද්ධික 2 රඟන්න...

:       0       2

Ruwan De Silva Wednesday, 03 July 2024 04:32 PM

මට මතක්වෙන්නේ කොළොම්බියාවේ පැම්බලෝ එස්කෝබාර්ගේ කළු සල්ලි සුදු කරපු ක්‍රම ගැන, ඒ වගේ තමයි මේ යන නාඩගමත්, ටැක්සි සමාගම්, ව්‍යාජ ඔෘෂධ සමාගම්, රූපලාවන්ය, ආපනශාලා, චිත්‍රපටි නිෂ්පාදනය, සංගීත ප්‍රසංග, එකී නොකි දේවල් වලට යට කරා. අන්තිමට ඇමරිකාවේ ඕඩර් එකට දේවත්වයක් ආරොපණය කරගත්ත කුඩු රජා වහලක් උඩ වෙඩි කාලා මළා. ඒ වගේ තමයි මේකත්. කළු සල්ලි සුදු කරන මැෂිමක්

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site