(යොහාන් භාසුර)
ආණ්ඩුවේ නව බදු පනතට සහ බැංකු ණය පොලී ඉහළ දැමීමට විරෝධය දක්වමින් තැපැල් සේවකයෝ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිටත් බැංකු සේවකයෝ කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට අද (14) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.
එක්සත් තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සංවිධානය කළ විරෝධතාවට තැපැල් සේවකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි අතර ‘ගිවිසිගත් බැංකු ණය පොලිය වැඩි නොකරනු’, ‘දූෂණය නාස්තිය එහෙමමයි බදු බර වැඩකරන ජනතාව පිටට’ සහ ‘නව බඳවාගැනීම් වහා සිදුකරනු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී තැපැල් සේවකයෝ විරෝධය දැක්වූහ.
එමෙන්ම මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සේවකයන් රැසක් නියෝජනය කරන ලංකා බැංකු සේවක සංගමය බැංකු විරෝධතාව සංවිධානය කර තිබු අතර
‘වැඩකරන ජනතාව හූරාකන බදු පනතේ අහිතකර කොන්දේසි වහා ඉවත්කරනු’ සහ බදු බර අහස උසට වෘත්තිකයන් රටින් පිටට’ ආදි පාඨ ඇළත් පුවරු ප්‍රදර්ශනය කරමින් බැංකු සේවකයෝ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තැපැල්-බැංකු සේවකයෝ විරෝධතාවක
Bamunuarachchi Wednesday, 15 March 2023 07:24 AM
එකෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා නාස්තිකාර වියදම් නවත්වන්න කියලා එහෙනම් පළමුවෙන්ම ඔහු රස්සාවෙන් අස්කරන්න වෙනවා. ඔය එකෙක්වත් ලක්ෂයට වැඩිය පඩි ගන්න වුන් නොවෙයි. මුන්ට ලක්ෂයට වැඩිය පඩි ගෙවන එක ජාතික අපරාදයක් නාස්තිකාර වියදමක්.