
(කාංචන කුමාර ආරියදාස)
තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් පහසු විශ්වාසදායී තැපැල් සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා නලින් ද ජයතිස්ස මහතා ඊයේ (04) ගලේවෙල දී පැවසීය.
වසර පනහකටත් අධික පැරණී ගලේවෙල නගරයේ පැවතී තැපැල් කාර්යාලයේ අබලන් ගොඩනැගිලි ඉවත්කොට පසුගිය අයවැයෙන් වෙන් කෙරුණු රුපියල් මිලියන 14 පමණ මුදලක් වැය කරමින් මේ රජයේ පළමු තැපැල් කාර්යාලයට මුල්වල තැබීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගලේවෙල නගර මධ්‍යයේ ගොඩනැඟිල්ල සඳහා මුල් ගල තැබීම ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සුභ මොහොතින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සුරතින් සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා අසදහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ අඩුපාඩුකම් මේ වෙන විට සපයමින් සිටින බවය. ඒ අනුව ලොරි රථ මිලදී ගැනීම සඳහා මේ වන විටත් රුපියල් මිලියන 250 ක් වෙන් කොට තිබෙන බව ද තැපැල් මලු ප්‍රවාහනය කිරීම සඳහා කැප් රථ විස්සක් ටැබ් පරිගණක 1500ක් තවත් කොම්පියුටර් හැටක් ලබාදීමට රජය තීරණය කොට ඇති බවද තැපැල් සේවාව මෙරට ශක්තිමත් කිරීමට අවශ්‍ය සේවක බඳවා ගැනීම් සියල්ල සිදුකරමින් වේගවත් පහසු විශ්වාසනීය තැපැල් සේවාවක් ජනතාවට ලබා දීම රජයේ අරමුණ බව හෙතෙම පැවසීය.

2025 නොවැම්බර් මස 04
51
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තැපෑල ජනතාවට සමීප කරන්න සියලු දේ කරනවා