
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙන්නප්පුව අංගම්පිටිය සමූපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් හා මුදල් සහ ජා ඇළ කණුවන ප්‍රදේශයේ සමූපකාර ග්‍රාමීය බැංකුවක සේප්පුව කඩා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් ආභරණ සහ මුදල් සොරා ගෙන ගිය බව කියන තරුණයෙක් බස්නාහිර උතුරු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මඩපාත පදිංචි අවුරුදු තිහක් වයස තරුණයෙකි.
මොහු තදින්ම කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටින්නකු බවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට මෙම සොරකම් සිදුකර ඇති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවීයැයි පොලිසිය සඳහන් කරයි.
මෙම බැංකු දෙක කඩා සොරා ගත් රන් භාණ්ඩ තොගය විකුණා ලබාගත් මුදල්වලින් රාත්‍රී සමාජ ශාලාවලට ගොස් ක්‍රීඩාවට කැසිනෝ ක්‍රීඩා කළ බව සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර ඇතැයි කියති.
වෙන්නප්පුව අංගම්පිටිය සමුපකාර ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා ඒ තුළ තිබියදී සොරා ගත් රුපියල් කෝටි හයක මුදලකින් කොටසක් වියදම් කර වෙන්නපුව ප්‍රදේශයේ අයකුගෙන් මොහු මෝටර් රථයක් ද මිලදී ගෙන ඇතැයි පරීක්ෂණවලින් හෙළි වී ඇත.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)

2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තනිවම බැංකු 2 ක් කඩා කෝටි 8ක කැසිනෝ ගහලා
සෙනෙවිරත්න Wednesday, 29 May 2024 07:32 AM
බැංකුවෙ ඇතුලෙම වැඩක් වෙන්න ඕන.
සහන් Wednesday, 29 May 2024 08:23 AM
අයහපත් දේ නිතිගතකිරිමේ ප්‍රතිඑල