(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ අමාත්‍යධූර හා රාජ්‍ය අමාත්‍යධූර ලබාගත් එම මන්ත්‍රීවරුන් පක්‍ෂය තුල දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂය තීරණය කර ඇතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව ආණ්ඩුවේ තනතුරු ලබාගත් හය දෙනෙකු පක්‍ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරන බව ඔවුන් වෙත ලිපි මගින් දැනුම්දීමට පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යධූර ලබාගත්, පක්‍ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උප ලේකම්වරුන් වන රංජිත් සියඹලාපිටිය සහ චාමර සම්පත් දසනායක, උප ලේකම්වරයකු වන ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරු සියලු තනතුරු අහෝසි වන බව දයාසිරි ජයසේකර මහතා කීවේය.
ඔවුන්ට එරෙහිව ගත් පළමු තීන්දුව ලෙස මෙම පියවර ගත් බවත්, ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුවේ තනතුරු ලබාගත් රාජ්‍ය අමාත්‍යවරුන් වන ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මහත්වරුන් ද පක්‍ෂයේ දැරූ තනතුරුවලින් මීට පෙර ඉවත් කෙරුණු බව මහලේකම්වරයා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තනතුරු ගත් ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂ තනතුරුවලින් පන්නයි