IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තිදරු මව පැහැරගෙන මාස හයක් තිස්සේ රඳවාගෙන

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

29 හැවිරිදි තිදරු මවක් බලහත්කාරයෙන් පැහැර ගෙන අයුතු ලෙස සිර කර තබා ගත් බව කියන මාලු ව්‍යාපාරිකයකු කඹුරුපිටිය මස්තකමුල්ල ප්‍රදේශයේ නිවසක දී  අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

මාලු ව්‍යාපාරිකයාගේ  තර්ජන ගර්ජනවලට ලක් ව මාස 06 ක පමණ කාලයක් එම නිවසේ රැදී සිටි  තිදරු මවද පොලීසිය බාරයට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු වෛද්‍ය පරීක්ෂයක් සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

පළා ගියහොත්  සැමියා හා දරුවන් මරා දමන බව ද   නිරුවත් වීඩියෝ දර්ශන ලබා ගෙන ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට නිතර තර්ජනය කළ බව ද එම කාන්තාව පොලිසිය කියා ඇත.

කොණ්ඩය කපා දමමින් පිහි පෙන්වා විවිධ හිරිහැරවලට ලක් වූ බව ද එම කාන්තාව පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත.

තිදරු මවගේ මව අවස්ථා ගණනාවකදී පොලිස් ස්ථාන රැසක පැමිණිලි කළත් කිසිදු ස්‌ථානයකින් සාධාරණයක් නොවු බව ඇය දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට පැමිණිලි කිරීමෙන් පසු අදාල විමර්ශන මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය වෙත භාර දී තිබුණි.

ඒ අනුව ඇය ඇතුළු කණ්ඩායම මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගෙන සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේ දී අදාල කාන්තාවට තර්ජනය කිරීමට යොදා ගත් බව කියන මාලු කපන පිහි 05 ක් හා කිනිස්සක් සොයා ගනු ලැබීය.

ඊට අමතරව ඇයගේ නිරුවත් දර්ශන වීඩියෝ කර පටිගත කර තිබු ජංගම දුරකතනය හා මෙමරි කාඩ් පත ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම ජංගම දුරකතනය තුල සැකකරු බාල වයස්කාර දැරියක් දූෂණය කරන වීඩියෝ දර්ශන ද ඇතුලත් වී තිබු බව පොලීසිය කියයි.

36 හැවිරිදි සැකකරු අදාල තිදරු මවගේ ඥාති මාමා කෙනකු වන බව ද  මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (5)

තිදරු මව පැහැරගෙන මාස හයක් තිස්සේ රඳවාගෙන

Pataya Thursday, 08 June 2023 12:21 AM

ඔලුවට එක වෙඩිල්ලයි තියන්න ඕනෙ

:       1       11

SL Thursday, 08 June 2023 03:06 AM

දැන් ඉතින් කළු කපුටන් ගේ සහ සුදු තොප්පි කාරයින්ගේ වාරේ. ගෙදර බල්ලන්ට මාළු කවන්න තියෙනවා කියල හරි ඇප ඉල්ලයි !! ඇප දෙන්න ඉතින් ...................*යක් ඕනේ ඇතිද ............... කන්ජි පානිගේ නෑයෙක් නම් ඉක්මනට ඇප

:       1       14

Pradeep Kumara Thursday, 08 June 2023 09:29 AM

වරුණි බෝගහවත්ත මහත්මිය අති දක්ෂ නිළධාරිණියකි. නව නීති සම්පාදනය කර හෝ මේ තිරිසන් මිනිසාට උපරිම දඩුවම් ලබා දෙන්න. ඒ වගේම මෙම පැමිණිල්ල බාර නොගත් අදාල පොලීසි වල නිළධාරීන්ටද උපරිම දඩුවම් ලබා දෙන්න.

:       0       17

කිරිපුතා Thursday, 08 June 2023 09:32 AM

නඩුවක් පමණක් ඇති නඩුුවැටුණු එකා නාකිවන තුරු නඩු අහන , දඬුවමක් නැති රටක වැරදි කිරීමට කවුරුන් බිය වෙයිද ?

:       0       21

prasanna Thursday, 08 June 2023 03:26 PM

නඩු අහන්න කම්මැලියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site