(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
බණ්ඩාරගම මහබෙල්ලන තොටුපලේ මිතුරන් පිරිසක් සමඟ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවෙකු ඊයේ 20 පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි අලුබෝමුල්ල පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අළුබෝමුල්ල මහා විද්‍යාලයේ එකොළොස් වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අලුබෝමුල්ල, මහින්ද මාවත ප්‍රදේශයේ පදිංචි ජනිත නිර්මල 16 හැවිරිදි සිසුවා ය
මියගිය සිසුවා ඔහුගේ පාසලේ ම තවත් මිතුරන් සිව් දෙනකු පැමිණ අද පස්වරු 3 ට පමණ මහබෙල්ලන තොටුපල වෙත පැමිණ දියනාමින් සිට ඇතැයි පොලිසිය කියයි
එම අවස්ථාවේදී ඔහුගේ වැඩිමල් සොයුරා තවත් මිතුරකු සමඟ පැමිණ ඇති අතර සොයුරාගේ මිතුරා තොටුපොළට බැස මඳක් ඈතට පිහිනා යාමේ දී මියගිය සිසුවා ද ඔහු අනුගමනය කරමින් තොටුපොළේ ඉදිරියට පිහිනා ඇති අතර එහිදී ඔහු එකවරම දියේ ගිළී අතුරුදහන් ව ඇතැයි පොලිසිය කියයි
දියේ ගිලී අතුරුදන් වූ සිසුවා සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන්ගෙන් සහායෙන් ඔරුවක් ආධාරයෙන් සිසුවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර පැයකට පමණ පසු දීයේ ගිලී සිටි සිසුවා සොයා ගැනීමට හැකිවී ඇත
ගොඩට ගත් සිසුවා වෑන් රථයකින් පානදුර මූලික රෝහල වෙත රැගෙන ගියද එහිදී වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා සිසුවාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කළත් සිසුවා මිය ගොස් තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය
මියගිය සිසුවා සමඟ දිය නෑ සිසුන් හතර දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් භාරයට ගනු ලැබීය
අලුබෝමුල්ල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ ඩි මෙන්ඩිස් මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන 97853 තිලකරත්න 102123 රසන්ජන මහත්වරු පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොටුපොළේ දියනාමින් සිටි සිසුවා දියරකුසා අරන් යයි