
(අජිත්ලාල් ශාන්තඋදය)
ලොව දියුණුම උපකරණ සහ අංගෝපාංග සහිත තාක්‍ෂණ පීඨයක් සබරගමු විශ්ව විද්‍යාලය සතුව ඇති නිසා ඊට ඇතුළත් විය හැකි විෂයයන්ද හදාරා එහි එන්නැයි සබරගමු විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපති සහ තාක්‍ෂණ අංශයේ පීඨාධිපති භෞතික විද්‍යා මහාචාර්ය කාවිංග ආර්.කොස්වත්ත මහතා පෙරේදා(18) දා පැවසීය.
රත්නපුර හිදැල්ලන සීවලි මධ්‍ය විද්‍යාලයේ “නොනිමි 24” වාර්ෂික විද්‍යා දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් මහාචාර්යවරයා මේ බව පැවසුවේය.
විද්‍යාලයේ විද්‍යා අංශ සිසු දරුදැරියන් එක්ව නොනිමි 24 විද්‍යා දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි. සැමරුම් උත්සවයේ දී මහාචාර්ය කාලිංග ආර් කොස්වත්ත මහතා පැවසුවේ,
ඒ ඒ කාර්යයන් සඳහා පුහුණුව ලැබූ සුදුස්සන් වෙන වෙනම සමාජයේ සිය වගකීම් ඉටු කරන බවයි. වෛද්‍යවරු වෛද්‍යවරුන්ගේ කාර්යයත්, ඉංජිනේරුවන් ඉංජිනේරුවන්ගේ කාර්යයත්, අනෙකුත් විද්‍යාර්ථින් තමන්තමන්ට අයිති වගකීම් හා කාර්යයන් ඉටුකළයුතු බවත් මහාචාර්යවරයා කීවේය. එහෙත් විශ්ව විද්‍යාලයේ වෙනත් වෘත්තීය සුදුසුකම් ලැබු බව කියන බොහෝ දෙනෙක් අද උපකාරක පන්ති දමාගෙන උසස් පෙළ සිසුදරු දැරියන්ට උගන්වන බව ද කීවේය.
උසස් පෙළ හදාරා තාක්‍ෂණවේදීන් ලෙස රටට සුවිශාල සේවයක් ඉටුකළ හැකි විද්‍යාර්ථින් වන්නට සබරගමු සරසවියේ තාක්‍ෂණ පිඨයට ඇතුල් වෙන්න අදිටන් කරගන්නැයි ද සිසු දරුදැරියන්ගෙන් ඉල්ලීමක් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ විදේශ කටයුතු සහ විදේශ අධ්‍යාපන අංශයේ අධ්‍යක්‍ෂ කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත මහතා සහ හිටපු ඵලාත් අධ්‍යාපන අධ්‍යාක්‍ෂ ඩබ්.එම්.ගුණතිලක යන මහත්වරුද උත්සවයේ විශේෂ ආරාධිතයන් විය. විද්‍යා අංශ ප්‍රධානී ඒ. ඉන්ද්‍රා මාලනී මහත්මිය ප්‍රධාන උසස් පෙළ විද්‍යාල අංශයේ ආරාධනයෙන් කීර්තිමත් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් ද විදුහල්පති රොෂාන් වෙදගේ මහතා ද ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
2025 නොවැම්බර් මස 21
318
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
348
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
තාක්ෂණ පීඨයෙන් පාඨමාලා හදාරන්න උසස් පෙළ සමතුන් අඩුයි
ලසා Sunday, 20 October 2024 04:55 PM
තාක්ෂණ උපාධිධාරීන්ට ප්‍රමාණවත් රැකියා වෙළඳපොලක් නැහැ. ඒ නිසා රජය ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.