IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ණය සහන මත ජපන් ව්‍යාපෘති යලි ඇරඹෙයි

ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය මෙන්ම ජපන් ණය මත ක්‍රියාත්මක දැනට අත්හිටුවා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම රඳා පවතින්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ප්‍රගතිය මත බව ජපාන තානාපති කාර්යාලය පවසයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ මූල්‍ය පහසුකම් යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක සැහැල්ලු දුම්රිය පද්ධතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදි.මාලඹේ සහ කොළඹ කොටුව යා කරමින් මෙම මාර්ගය ඉදිකිරීමට නියමිතය.

යහපාලන රජය මගින් ආරම්භ කිරීමට තීරණය කරන ලද මෙම ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මගින් නැවත්වීමට තීරණය කරන ලදි.පසුගියදා පැවති ජපාන සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට යෝජනා කළේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව අවධානය සිටින අතරතුර දැනට නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහ නව ව්‍යාපෘති ආරම්භ කරන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලනු ඇතැයි ජපාන තානාපති කාර්යාලය පවසා ඇත.

034



අදහස් (5)

ණය සහන මත ජපන් ව්‍යාපෘති යලි ඇරඹෙයි

prasanna Saturday, 03 June 2023 12:34 PM

ඔය මොන මගුල කරත් ගසා කෑම තමයි අවසාන ප්‍රතිපලය .ඇමැතීන්ගේ ගෑනු දැන්ම කමිෂන් ගැන කතාවෙනවා ඇති

:       0       0

Saman Saturday, 03 June 2023 12:34 PM

හොඳ වැඩක්. කොමිස් නැතුව කරන්න බලන්න

:       0       0

Rata Perata Saturday, 03 June 2023 12:46 PM

ඕක එපා කියලා අර ඉංජිනේරු තට්ටයා හිරේ දාන්නේ කවදාද?

:       0       0

sena Saturday, 03 June 2023 12:52 PM

එහෙම පොරොන්දුවක් වෙලා නැහැනේ .මෙයාලා හොයලා බලන්නම් කියලානේ කියලා තියෙන්නේ

:       0       0

Chandana Fernando Saturday, 03 June 2023 01:23 PM

විශිෂ්ඨ ව්‍යාපෘතියකි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site