IMG-LOGO

ණය බරින් පීඩිත රටවල්වලට සහන දෙන්න

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සහ ඝානාව වැනි ණය බරින් පීඩිත වී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දීම සඳහා ජාත්‍යන්තර ණය හිමියන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු යැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසා ඇත.

ණය බරින් පීඩිත වී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුවහොත් එය ගෝලීය ආර්ථිකයටද තල්ලුවක් වනු ඇතැයි යෙලන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.සැමීබියාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැලසුමකට එළඹීමට අවුරුද්දකට වැඩි කාලයක් ගත වූ බවත් එම සැලසුම ශ්‍රී ලංකාව සහ ඝානාව වැනි ණය බරින් පීඩිත වී සිටින සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය සහන ලබා දෙමින් එම රටවල ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදා ගත හැකි බවත් ජැනට් යෙලන් මහහත්මිය පෙන්වා දී ඇත.

රටක් ණය අර්බුදයට පත්වන සෑම අවස්ථාවකදීම ණය සහන ලබා දීම සඳහා පළමු පියවරෙන් පටන් නොගෙන සැමීබියාවේදී එකඟ වූ පොදු ප්‍රතිපත්ති ඒ සඳහා භාවිත කළ යුතු බව ජැනට් යෙලන් මහත්මිය පවසා තිබේ.

ජී20 සමුළුවේ මුදල් අමාත්‍යවරුන්ගේ රැස්වීමට ප්‍රථම ඉන්දියාවේ ගාන්ධිනගර් හි පැවති හමුවකදී ජැනට් යෙලන් මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.



අදහස් (2)

ණය බරින් පීඩිත රටවල්වලට සහන දෙන්න

Perera Monday, 17 July 2023 12:42 PM

රටක් ණය බරින් පීඩිත වෙලා තියෙන්නේ නායකයින් හොරාකාපු නිසා නම් කිසිම සහනයක් දෙන්න එපා. රටේ මෝඩ මිනිස්සු දැනගන්න ඕනෑ සුදුසු මිනිස්සුන්ව නායකයින් කරගන්න.

:       0       6

pakeer Tuesday, 18 July 2023 08:07 AM

මෝඩ වැඩ කරන්න එපා. ඔයාල ඔහොම දුන්නොත්...පාලකයන්ට තම යි ඒ් කෙරෙඩිට් එකත් යන්නෙ..උන්ගෙ මොඩකම් සහ ගසා කෑම් තවත් යහටපත් වෙනව..පුලුවන් නම් උන්ව ඔඩිට් එකක් කරල..උන්ට දඩුවම් දීල...නය සහන දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site