IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය ව්‍යාපාර රැකෙනවා

(අංජුල මහික වීරරත්න)

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් දේශිය ව්‍යාපාරිකයින් සුරක්ෂිත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

බංකොලොත්භාවයට පත්ව තිබූ ආයතන පවා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මගින් නැවත යථා තත්ත්වයට පත්වන බවද අබේවර්ධන මහතා කීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කිසිඳු පාර්ශවයක් අසාධාරණයට ලක්වීමට ඉඩ තබන්නේ නැතැයි ද අබේවර්ධන මහතා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් EPF, ETF ඇතුළු මහජන අරමුදල් වල සාමාජික ශේෂයට කිසිඳු බලපෑමක් එල්ල නොවන බවද වජිර අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා රට බංකොලොත්භාවයෙන් මුදාගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙල පසුගියදා ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කර තිබු අතර ලෝක නායකයින් එම වැඩපිළිවෙල ඇගයීමට ලක් කර තිබූ බවද අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

ඩොලර් මිලියන 83000 ක දේශීය සහ විදේශිය ණය කන්දක් තිබෙන අතර මේ ණය කන්ද නිසියාකාරව හැසිරවිය යුතු බවත් ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සහය ලබාදිය යුතු බවත් ජනපති එහිදී ප්‍රකාශ කළ බව අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.

යම් කිසි පාර්ශවයක් මේ ක්‍රියාවලිය සඳහා සහය නොදක්වන්නේ නම් ඔවුන්ට සිදුවන්නේ නැවතත් මහජනයාට බියේ ගෙවල්වල හැංගී ඉන්නැයි ද ඒ නිසා ඉදිරි දින කිහිපය රටට ඉතා වැදගත් දින කිහිපයක් වන අතර දේශපාලන පක්ෂ මෙන්ම රටේ ජනතාවද මේ පිළිබඳව ඉතා හොඳ අවධානයෙන් සිටිය යුතු බව වජිර අබෙිවර්ධන මහතා කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කීය.

 



අදහස් (8)

ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් දේශීය ව්‍යාපාර රැකෙනවා

Lakmal Thursday, 29 June 2023 07:55 AM

මේ වේසාවට පිස්සු කියලා හිතෙන්නේ මට විතරද

:       0       15

Bamunuarachchi Thursday, 29 June 2023 10:49 AM

මේ කියා ඇතිදේ තේරුම් ගන්න බැරි නම් ඔබ‍ට පිස්සු කියලා මට හිතෙනවා.

:       5       0

Bamunuarachchi Thursday, 29 June 2023 09:02 AM

අපි දන්නවා මේ කරන්නේ අනිවාර්යෙන්ම කලයුතු දෙයක් කියලා. මේ පාහර ජෙප්පෝ තමයි රට ගිනි තියෙන්නේ. ඔවුන් බලාපොරොත්තු ජනතාව තම තැන්පතු ගැන භයඋනාම බැංකු වලින් ආපසු ගැනී එවිට බැංකු පද්දතිය කඩා වැටෙයි කියලා. දැන් තමයි ශ්‍රී මත් ප්‍රේමදාස වලෙන් නැගිටලා එන්න ඕනේ. මහ ජෙප්පෝ ටයර් සෑය වල යවන්න.

:       17       2

ලුම්බිණි Thursday, 29 June 2023 09:09 AM

කියන්නෙම ගොන් කතා.

:       0       15

Bamunuarachchi Thursday, 29 June 2023 10:46 AM

පාහර ජෙප්පන්ට බනින කොට රිදෙනවා වගේ. අත ගාන්නද?

:       6       2

Johnston Thursday, 29 June 2023 09:59 AM

ගොන් මැටිය

:       0       8

Dharmatileke Thursday, 29 June 2023 11:46 AM

ඔයාගේ ව්‍යාපාරෙ මොකක්ද?

:       0       0

duminda Thursday, 29 June 2023 01:51 PM

දෙයියන්ගේ හාල් කාපු දෙන්නෙක් ශුවර් එකටම ඉන්නවා. මේ එක්කෙනෙක්.. අනිත් එක්කෙනා පොහොට්ටු ලේකම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site