IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ණය ගෙවා ගන්න බැරුව කාන්තාවෝ 200ක් සියදිවි හානි කරගෙන

(සුජිත් හේවාජුලිගේ  සහ  අංජුල මහික වීරරත්න)

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකවූ  පවුල් වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුනේදී  සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවන්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා  පාර්ලිමේන්තුවේදී අද (12)  පැවසීය.

"තත්වය මේක  නම් මේකද අපි හදපු ආර්ථිකය" යැයිද  ඔහු ප්‍රශ්න කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ මූල්‍ය ණය ප්‍රශ්නය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේදීය.

ගාමිණී වලේබොඩ මහතා මෙසේද පැවසීය.

ණය මහත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා ගෙදරින් එළියට යනවා. ණය මහත්තයා වාරික එකතු කරන්න එන දිනය මට කලින් දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයට කියනවා. ඉතිං එයත් බිම බලාගෙන ගෙදරින් පිටවෙලා යනවා. වාරික පහක්ම ගෙව්වෙ ඒ විදිහට තමයි. මොකද වුණේ කියලා අපි දෙන්නටම හිතා ගන්නවත් බැහැ.ඒ තරමටම ක්ෂුද්‍ර  මූල්‍ය ණය පීඩනය අපි විනාශයට පත්කරලා.

 

 

 



අදහස් (5)

ණය ගෙවා ගන්න බැරුව කාන්තාවෝ 200ක් සියදිවි හානි කරගෙන

සුපුන් චාමර Friday, 12 January 2024 03:26 PM

ඔබතුමාලාම තමයි ඉතින් වගකියන්න ඕනෑ. 225න් එක්කෙනෙක්නේ... අපෙන් අහලා වැඩක් නෑ...!

:       0       14

Muthu Friday, 12 January 2024 03:29 PM

ඔය කතාව අසත්‍යයක්... ඔය අර කෙනාගේ දේශනා අහපු මිනිස්සු... කවුරුවත් ලංකාවේ ආර්ථික ප්‍රශ්න නිසා දිවි හානිකර ගන්නේ නෑ. මොකද හැම දෙනාටම අර මුහුදේ පාටිදාන ඇමැතියෝ වගේ ජොලියේ ඉන්නේ...! 

:       1       13

Perera Friday, 12 January 2024 03:59 PM

ඔය කට්ටියගෙන් වැඩි දෙනෙක් පොහොට්ටුවට ඡන්දෙ දීපු අය...

:       4       8

abaran Friday, 12 January 2024 04:01 PM

දැන් ඔය වංශත් 2005 ඉඳලාම (2015- 2019 හැර) ඇමැති කෙනෙක් නේද? ඉතින් ඔය කතාව ඉස්සරවෙලාම ඔහේගේ නායකයාට කියන්නකෝ. අනේ මේ නිකන් යන්න මහත්තයෝ යන්න. තවත් සිල්ලර දේශපාලකයෙක් විතරයි.

:       1       5

Chandanie Friday, 12 January 2024 05:55 PM

ඉතින් වලේ මහත්තයෝ ඔහේලාම නේද නයි නටවමින් කියත්මගේ නායකයෝ හැටියට 2019 ගෝඨාභය අරගෙන ඇවිල්ලා රටේ ඔය තත්වය ඇතිකළේ..! ඉතින් ඔහේ දැන් ඔහොම කියෙව්වාට රත්නපුර දිස්ත්‍රික්කයේ කියත්මගේ නායකවුනේ ඔහේම තමයි... ඔහේලාට ගමේ මට්ටමේ අය උදව්වට හිටියා... දැන් අපිට මොත්තේ දාන්න එපා මහත්තයෝ... අනුන්ගේ ඇහේ පොල් කෙන්ද අදින්න ඉස්සර ඔහේගේ ඇහේ ගහගෙන සිටින පරාලය අයින් කළොත් හොඳයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මෙරට දෙදෙනකුට ජපානයෙන් ඉහළ සම්මාන
2024 මැයි මස 05 138 0

ජපන් ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා ලබාදුන් දායකත්වය අගයමින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන කෝසල රෝහණ වික්‍රමනායක සහ අතුල රොබට් ෆ්‍රැන


තද සුළං - මුහුද රළුවීම ගැන අවධානයෙන් ඉන්න
2024 මැයි මස 05 77 0

රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍


අවදානමින් රැගෙන ගිය මිනී පෙට්ටි පොලිසියේ තියා ගනී
2024 මැයි මස 05 320 0

අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


ගිනි අවි,උණ්ඩ,කුඩු සමග හතරක් සැකපිට
2024 මැයි මස 05 86 0

ටි 56 යක් , රිවෝල්වර ගිනි අවියක් , ජිව උණ්ඩ සහ හොරයින් මත්කුඩු තොගයක් සමග සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සමීපතම ගෝලයන් සිව් දෙ


මහාචාර්ය නලීන් ද සිල්වාට පිං අනුමෝදන් කරති
2024 මැයි මස 05 569 0

මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලා


හොරණ වෙඩික්කරු රට පනිද්දී මාට්ටු
2024 මැයි මස 05 1146 0

හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තැබූ බවට හඳුනාගෙන තිබූ ප්‍රධාන සැකකරු සිද්ධියෙන් පැය කීපයකට පසු ඩුබායි රාජ්‍ය වෙත පලායාම සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 495 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site