IMG-LOGO

ණය ගෙවා ගන්න බැරිව දරු පවුලම දිවි නහගෙන?

(සිතුම් චතුරංග සහ ප්‍රදීප් කුමාර) 

වවුනියාව ගුඞ්සෙඞ් ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබි මව,පියා දියණියන් දෙදෙනකුගේ  මළ සිරුරු හතරක්  හමු වූ බව පොලිසිය කියයි.

වයස අවුරු 42 පමණ පියා ගෙල වැලලාගෙන මිය ගොස් සිටි ඇති අතර  වයස පමණ වන 36 මවගේ සහ  09 හැවරිදි  03 හැවිරිදි  දියණියන් දෙදෙනාගේ සිරුරු නිවසේ තිබියදී සොයාගෙන ඇත. 

මිය ගිය පියා ඔන්ලයින් ක‍්‍රමය ඔස්සේ විසා අයදුම් කිරීමේ ව්‍යාපාරයක් සිදු කොට ඇති අතර මව ගුරුවරියක වශයෙන් සේවය කරමින් සිට ඇති බවට තොරතරු ලැබී ඇතැයි පොලිසිය කියයි

අදාල මරණ වලට හේතුව මෙතෙක් අනාවරණයව නොමැති අතර පියා සියදිවි හානි කරගෙන ඇති බව මුලික විමර්ෂණවලදී අනාවරණය වන බව වවුනියාව පොලීසිය සදහන් කරයි වවුනියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.



අදහස් (22)

ණය ගෙවා ගන්න බැරිව දරු පවුලම දිවි නහගෙන?

Ananda Tuesday, 07 March 2023 01:07 PM

රට විනාශ කරපු දේශපාලුවන්ට රාජ්‍ය නිලධාරීන්ට හැම එවුන්ටම හෙන ගහන්න ඕන

:       22       132

WHAT A TITLE Tuesday, 07 March 2023 01:11 PM

අදාල මරණ වලට හේතුව මෙතෙක් අනාවරණයව නොමැති අතර පියා සියදිවි හානි කරගෙන ඇති බව??

:       5       33

Sarath Dharmakeerghi Tuesday, 07 March 2023 01:33 PM

ප්‍රවෘත්ති සංස්කාරකගෙන් මම අහන්නේ , තමුන්ගේ ප්‍රවෘත්තියේ දාලා තියෙන කරුණුවලයි ඒකට දාලා තියෙන ශීර්ෂයේයි තියෙන සම්බන්ධය මොකද්ද?

:       4       122

ගම්සබා Tuesday, 07 March 2023 02:19 PM

හේතුව , මේ වසරේ 2023 පමණක්ම පවුල් දහයකට වැඩිය පවතින උද්ධමනය නිසා සිය දිවි හානි කරගත් බව පුවත් පත් කියවන අපි දනිමු ! ඒත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ , උද්ධමනය පහළට ගොස් ඇති බව සඳහන් කරයි !

:       19       49

ජෝජ්Tuesday, 07 March 2023 03:11 PM

රනිල් විතරක් නෙමෙයි මෙයා ජෝජ් හොප්කින්ස් කියන්නෙත් උද්දමනය අඩුවෙලා කියල.

:       1       3

විජිත් Tuesday, 07 March 2023 04:25 PM

පිස්සෙක් ජනාධිපති වුනාමත් ,ජනාධිපති පිස්සෙක් වුනාමත් ඔහොම මරු කියවනවා.මිනිහා කියන ඒවා ගණන් ගන්න එපා.අන්ගොඩින් දුන්න බෙහෙත් ගන්න අමතකවෙලා වෙන්නඇති.

:       2       10

සුරංගොඩ Wednesday, 08 March 2023 05:34 AM

තවමත් පක්ෂ කණ්නාඩියෙන් ඇස් වසාගෙන ළිඳේ ඉන්නවා නම් කොහොම හරි ගොඩට ඇවිල්ලා බලපං බූරුවො ඇත්තටම උඹට කල්පනා ශක්තියක් ඇත්තෙම නැද්ද

:       3       3

samTuesday, 07 March 2023 02:37 PM

මරණ හතරක අවාසනාවන්ත සිද්ධියක් වෙලා තියෙද්දිත්, කිසිම සංවේදී බවක් නැති බෝතල් පත්තරකාරයන්ගේ මාධ්‍ය සදාචාරය ගැන හොයලා වැඩක් නැහැ.

:       0       6

BamunuarachchiTuesday, 07 March 2023 05:41 PM

ඔය දේශපාලඥයින්ට් බනින මිනිසුන්ගේ චන්දවලින්ම තමයි දේශපාලඥයින් බලයට ආවේ. නැතුව දේශපාලඥයින් බලෙන් ඔය පුටුවල වාඩි උනෙ නැහැ. රට මේ අගාදයට වැටෙන්න මුල ජෙප්පෝ එනිසයි මිනිස්සු අවුරුදු 57 ම ජෙප්පන්ට චන්දෙ නොදී අන්තිමට ජෙප්පන්ව 3% තල්ලුකලේ. කොහොම උනත් මාධ්‍ය කාරයින්ගේ විකෘත්ති ප්‍රවෘත්ති වලට රැවටෙන්නත් එපා. ගෙදරක සියදිවි හානිකර ගැනීමක් ඇතුළුව මරණ කීපයක් සිදුවෙලා තිබෙන බව පමණක් දැනගන්න

:       7       2

ගම්සබා Wednesday, 08 March 2023 04:57 PM

කව්ද රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දීලා ජනාධිපති කෙරුවේ..? අභිරහස් ඡන්දයකින්ද?

:       0       2

Bamunuarachchi Thursday, 09 March 2023 06:29 AM

ගම්සබා කාලේ ඉවර වෙලා බොහොම කල්. මම රනිල් පාක්ෂිකයෙක් නොවෙයි ඒත් ඇත්ත කිවයුතුයි. ඝෝටා යනකොට රටබාරගන්න ඔය කයිවාරු ගහන එක ගොයියෙක් ඉදිරිපත් උනේ නැහැ. ව්‍යවස්ථාවට අනුව රනිල්ට ජනාධිපතිකම ලැබුන. මොකක්ද ප්‍රශ්නය? අවුරුදු 57 ම ජනතාව ප්‍රතික්ෂේප කරපු ජෙප්පන්ට බලය දේවිද? ජෙප්පෝ රට පාලනය කරන්න හදපු හැටි අපි දැක්ක.

:       3       2

රන්මම‌ුතූගල Tuesday, 07 March 2023 02:09 PM

ඹබලාට නිවන් සස‌ුවලැබෙවා.

:       5       48

Waleboda Tuesday, 07 March 2023 02:30 PM

දිවි නසා ගැනීම දැන් පටන් අරන් ඉවරයි .තව ඉදිරියට මෙවන් අවාසනාවකට මරණ ගොඩක් ගැන අහන්න ලැබෙයි .මිනිස්සුන්ට ගහන බදු වැඩියි .බද පිරෙන්න දරුවන්ට කන්න දෙන්න නැහැ

:       0       1

Senarath Tuesday, 07 March 2023 02:45 PM

මම දේශපාලුවෝ සුද්ද කරනවා නෙමෙයි .ඒත් මේ අම්මට තාත්තට මේ වගේ කිරිසප්පයෝ දෙන්නෙක් මරලා තමනුත් දිවිනහගන්නවා ඇරෙන්න වෙන විසඳුමක් තිබුනෙම නැතිද?ගුරුවරියක් වෙලත්

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 07 March 2023 03:00 PM

මයිනන්ට කපුටන්ට සාපවේවා…!

:       0       8

ranjith Tuesday, 07 March 2023 04:20 PM

රට බංකොලොත් කරපු උන් සහ දැන් ඉන්න හොර තක්කඩි පාලකයන්ට මේ දවස ගණනේ මේ පත්තරවල තියන ඒවා පෙන්නේ නැතිද. මේවා මුන්ට පලදෙනවා ස්වභාවධර්මයෙන්

:       0       2

Lalla Tuesday, 07 March 2023 05:28 PM

සීමාරහිතව පාරිභෝජන ණය ලබාදීමේ සහ ලබාගැනීමේ විපාකය. තම වියදම සීමාව පසුකර යාමට ඉඩදෙන්න එපා කියන එක ඇත්ත නේද?

:       0       4

PODDA Tuesday, 07 March 2023 07:51 PM

ප්‍රවෘතියෙ තියෙන්නෙ මරනයට හේතුව සොයාගෙන නැති බව. හෙඩ්ලයින් එක ණය ගෙවා ගන්ට බැරුව සියදිවි නසාගත්ත කියනව.

:       1       0

C.K.Lankaputhra Tuesday, 07 March 2023 08:30 PM

රටේ මිනිසුන් මුහුන පා ඇති සැබෑ ඛේදවාචකය තමයි මේ.

:       0       6

Jagath Wednesday, 08 March 2023 09:01 AM

රටේ ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක් නෑ.රටේ ආර්ථිකයේ අනාගතය ගැන කිසිම පැහැදිලි දැක්මකුත් නැහැ.කරකියාගන්න විදිහක් නැති රටේ ජනතාව වහ බොනවා.තරුණ තරුණියන්ගේ සුන්දර තරුණ කාලය මහ පාරේ ගෙවීයනවා.මුළු රටම ගිනි ගන්නවා.ජනාධිපති රටේ ජනතාව රවටමින් බොරු බේගල් ඇදබාමින් ,ඉතාමත් සූක්ෂම ලෙස,කවදාවත්ම සිද්ධනොවන ආර්ථිකයක් ගැන ජනතාවට විජ්ජා පෙන්වමින්,මූලික මිනිස් අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරමින්,තමන්ට පක්ෂපාතී දේශපාලන හෙන්චයියලාගේ උදව්වෙන් තව තවත් රට අගාධයට හෙළමින් සිටිනවා.

:       0       5

janahitha Wednesday, 08 March 2023 09:05 AM

මෙය අබිරහස් මිනි මරුමක් බව පසුබිමින් ඇති දේවල් වලින් පෙනෙනව පියා එල්ල දමපු බවට කරුනු පෙනෙනව.

:       1       1

ashok Thursday, 09 March 2023 09:00 AM

ලෝකයට ණය වෙමින් දශක ගණනක් පාර්ලිමේතුවේ පිලුනුවෙච්චි මේ වගේ පාලකයෝ නැති රටක නැවත උපදින්න වාසනාව ලැබේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 21 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 603 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site