IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ණයට සල්ලි අරන් වී මිලදී ගන්න යයි

(අංජුල මහික වීරරත්න)

වී අලෙවි මණ්ඩලය මේ වනවිට වී මිල දී ගන්නේ  සියයට අටක පොලිය යටතේ රාජ්‍ය බැංකුවකින් සහ ගොවි බාරකාර මණ්ඩලයෙන්  ගත් ණය මුදලකින්  බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වී අලෙවි මණ්ඩලය විසින් දැනට වී මිල දී ගැනීම ආරම්භ කර තිබේ. වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ණය මුදලක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව රාජ්‍ය බැංකුවකින් සියයට අටක පොලියක් යටතේ ලබා ගත් ණය මුදලක් මත මේ වනවිට වී මිල දී ගැනීම ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ හැර ගොවි බාරකාර අරමුදලෙන් ද ණය මුදලක් ලබා ගෙන ඇති අතර දැනට වී මිල දී ගැනීම සඳහා යොදවනු ලබන්නේ එම මුදල් බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

වී අලෙවි මණ්ඩලය කිසිදු අවස්ථාවක ගොවීන් සතු  වී වලින් සියයට සියයක් මිල දී ගෙන නැතැයි ද  සාමාන්‍යයෙන් සමස්ත වී අස්වැන්නෙන් සියයට 10ක් පමණ උපරිම ප්‍රමාණයක් දක්වා වී මිල දී ගෙන ඇති අතර ඇතැම් වර්ෂවල සියයට එකක්වත් මිල දී නොගත් අවස්ථා ද තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙවර වී අලෙවි මණ්ඩලය වී මිල දී ගන්නේ ලැබෙන මුදල් ප්‍රමාණය මත බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා අවධාරණය කළේය.

දැනට  පෞද්ගලික  අංශය විසින් වී කිලෝවක් රුපියල් 65-70 වැනි මිලකට මිල දී ගන්නා බව ගොවීහු සඳහන් කරති. එසේ වුවත් වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයේ මිල කමිටුවේ තීරණය පරිදි නාඩු වී කිලෝවක් රුපියල් 95කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 100කටත් හා කීරි සම්බා වී කිලොවක් රුපියල් 110ක් වැනි මුදලකට බව අමාත්‍යාංශය පවසයි.

වී අලෙවි මණ්ඩලය විසින් සියයට අටක පොලියක් යටතේ ලබා ගන්නා ලද ණය මුදල අදාල බැංකුවට ආපසු ගෙවීමට නම් එම මණ්ඩලය විසින් මෙම වී සහල් බවට පත් කර ලාභයක් ද ලැබිය යුතුව තිබෙන බව අමාත්‍යාංශය කියයි.

 



අදහස් (0)

ණයට සල්ලි අරන් වී මිලදී ගන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site