IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ණයට ගත් බෙරයෙන් රටම දිනයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ගමේ බෙර වාදකයකුගෙන් හා වෙනත් පාසලකින් තාවකාලිකව ඉල්ලා ගන්නා ලද බෙර දෙකකින් පුහුණුවීම් කර සමස්ත ලංකා නර්ථන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට මාතර බෙලිදෙනිය මහ විද්‍යාලයේ නර්ථන කණ්ඩායම සමත්ව ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කර ඇති සමස්ත ලංකා නර්ථන තරගාවලිය ඉකුත් දා (02) පවත්වා ඇත්තේ ගම්පහ සිද්ධාර්ථ කුමාර විද්‍යාලයේ දීය.

එහිදී 300 ට අඩු පාසල් ඛාණ්ඩයේ සමස්ත ලංකා ශූරතාවය හිමි වී ඇත්තේ පුහුණුවීමට සුදුසු ස්ථානයක්වත් නොමැතිව අවම පහසූකම් යටතේ පුරුදු පුහුණුවීම් ලැබු බෙලිදෙනිය මහ විද්‍යාලය ටය.

ඊට අමතරව නර්ථන විෂය උගන්වන පී.එම්.එන්.එරන්දි මහත්මියගේ නිවසේ මිදුලේ ද තම දරුවන් පුහුණුවීම් කටයුතු සදහා යොදා ගත් බව ඔවුන් කියයි.

පුහුණුවීම් සදහා අවශ්‍ය වාදන භාණ්ඩ නොමැති වු නිසා තලල්ල උතුර විද්‍යාලයෙන් බෙරයක් ද  හල්විටිගල රතන නාහිමියන්ගේ සම්බන්ධීකරණය මත ගමේ බෙර කරුවන්ගෙන් තවත් බෙරය ද ඉල්ලා ගෙන පුරුදු පුහුණු වු බව මාපියන් සදහන් කරයි.

 



අදහස් (1)

ණයට ගත් බෙරයෙන් රටම දිනයි

සුසිල්රත්න Monday, 04 September 2023 06:36 PM

කොළඹට කිරි... ගමට කැකිරි කියන්නේ ඕකට තමයි. මම උදාහරණයක් කියන්නම් මෙයට අවුරුදු විස්සකට පමණ පෙර මම ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථාන අධිපති ලෙසට පාසලකට ගියා. එහි ගොඩනැගිලි දෙකක් පමණක් තිබුණා කියලා මතකයි. එහි සෑම පංති කාමරයකම විශාල ලෝක ගෝලයක් බැගින් තිබුණා. ඇයි මේ අසාධාරණ දේවල් වෙන්නේ කියලා දන්න කෙනෙක් පහදා දෙන්නකෝ...?

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site