(සුජිත් හේවාජුලිගේ)
මදුරු කීපයන් බෝ වන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185ක් සහ රාජ්‍ය ආයතන 221 සොයාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු මදුරු කීටයන් සිටි පාසල් 35ක් සහ ඩෙංගු මදුරුවන් සිටි රාජ්‍ය ආයතන හතළිස් එකක්ද සොයාගත් බව එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.
ඩෙංගු මර්දන සතියේ පස්වැනි දිනයේ ප්‍රතිඵල නිවේදනය කරමින් ඇය මෙසේ කීවාය.
මේ කාලයේදී රට පුරා විවිධ පරිශ්‍ර එක් ලක්ෂ 111031ක් පරීක්ෂාවට ලක් කර ඇත. ඩෙංගු කීටයන් බෝවිය හැකි සේ පවත්වාගෙන ගිය පරිශ්‍ර 26625ක් මෙහිදී හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. මදුරු කීටයන් සිටි ස්ථාන 3357ක්ද මෙහිදී සොයාගෙන ඇත.
ඩෙංගු පැතිරවීම සම්බන්ධයෙන් පරිශ්‍ර 73ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කර ඇතැයි සමරවීර මහත්මිය පැවසුවාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩෙංගු බෝ කළ පාසල් 185ක් රාජ්‍ය ආයතන 221ක් සොයාගනී