ප්‍රංශ ජනාධිපති ස්වීඩනයේ සංචාරය කළ අවස්ථාවක්

රටේ ඉහළ තැන මහජනතාව ලැබෙන දේශපාලනඥයන්ට විශේෂ වරප්‍රසාද හිමි නොවන රාජ්‍යයක් පිළිබඳව අසන්නට අපට හැකියාව ඇත. ඒ ස්වීඩනයයි. මේ ඒ ස්වීඩනයේ දේශපාලනඥයන් සහ මහජනතා හැසිරෙන අයුරුයි.

ලොව අනිකුත් රටවල සිටින මහජන නියොජිතයන්ට මෙය අසාමාන්‍ය දෙයක් ලෙස පෙනුනත් ස්විඩන් රාජ්‍ය තුළ මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගි හෝ වි‍ශේෂ වරප්‍රසාද හිමිවන්නේ නැත.

සුඛෝපභෝගී  නිල රථ හෝ පෞද්ගලික රියැදුරන් ස්වීඩ්න් අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට නොලැබේ.  ඔවුන් නියෝජනය කරන මහජනතාව සේම, සෙනඟ පිරිණු බස් රථ සහ දුම්රියේ නැඟී තම රාජකාරි කටයුතු සඳහා ස්වීඩන් දේශපාලනඥයෝ පිටව යති.

පාර්ලිමේන්තුව නියෝජනය කළ පමණින් භුක්තියක් නොලැබෙන අතර වරදක් සිදු කළෙහොත් එම වරද සිදු කරන මහජන නියෝජිතයාට හෝ නියෝජිතවරියට අධිකරණයේ නඩු පැවැරීම සිදු කළ හැකියි.

ස්වීඩන් මහජන නියෝජිතයන්ට පුද්ගලික ලේකම්වරුන් නොලැබෙන අතර ඔවුන්ගේ පාර්ලිමේන්තු කාර්යාලය වර්ග අඩි 81 තරම් කුඩා වෙයි.

‘‘මම දේශපාලනඥයන්ට පඩි ගෙවන්නේ මට සාධාරණ හේතුවක් හිතන්න බෑ ඇයි පාර්ලිමේන්තුවට පත් වූ පමණින් මහජන නියෝජිතයන් සුඛෝප භෝගි ජීවිතයක් දෙන්න ඕනෑ‘‘ යැයි ස්වීඩ්න් පුරවැසියෙක් වූ යොකීම් හොල්ම් මහතා පවසයි.

දුම්රිය සහ බස්රථවල ගමන් නොකර මහජන මුදලින් කුලී රථවල ගමන්ගන්නා මහජන නියෝජතයන්ගේ නම් ගම් දවස අවසානයේ පුවත් සිරස්තලවල කියැවෙයි.

ස්වීඩ්න් පර්ලිමේන්තුවේ කතානායකවරයාට ද පොදු ප්‍රවාහනය භාවිතා කිරීම සඳාහා ප්‍රවාහන කඩ්පතක් හිමිය.

ස්වීඩ්න් අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරියට පමණක් එරට ආරක්ෂක අංශයෙන් ලබා දෙන ස්ථිර නිල මෝටර් රියක් භාවිතා කිරීමට අවකාශ ලැබෙයි.

ස්වීඩ්න් පාර්ලිමේන්තු නියෝජතියන්ට අගනුවර කුඩා මහල් නිවාසවල ජීවත් වන අතර එහිදී ඔවුහු පොදු රෙදි සෝදන ස්ථානවලට ගොස්  ඇඳුම් සෝදා අයන් කර ගැනිති.

මෙවැනි කීර්තිමත් පුද්ගලයන්ට සුදුසු නොවන ජීවිතයක් ලෙස මෙය පෙනුනත් 1980 දසකයට පෙර මහජන නියෝජතයන් ගත කළ ජීවිතයට වඩා   මෙය හොඳ ජීවිතයකි.

1980 දශකයේ අග භාගය තෙක් පාර්ලිමේන්තු නියෝජතියන් නිදාගත්තේ තමාගේ කාර්යලයේ පුටුව මතය.

මහජනයාගේ මුදලින් වැටුප් ලබන කිසිවකු අසාමාන්‍ය ලෙස වැටුප් නොලැබෙන අතර පාර්ලිමේන්තු නියෝජිතියකුගේ වැටුප පෙර පාසල් ගුරුවරියකගේ වැටුප මෙන් දෙගුණයකි.

ස්විඩනය තුළ නගරසභා නියෝජනය කරන මහජන නියෝජිතයන් වැටුපක් නෙැලැබෙන අතර ඔවුනට කාර්යාලයක් ද හිමි නොවේ. ඔවුන්ට වැඩ කිරීමට සිදුවන්නේ නිවසේ සිටය.

ස්වීඩ්න් රාජ්‍යයේ දේශපලාන නියෝජතියන් සාමාන්‍ය ජනතාවට සලකන ආකාරයට සලකන අතර මහජන නියෝජිතයනට ගරු නම්බු නාම ලබා දෙමින් ආමන්ත්‍රණය නොකරයි.

ඔවුන් සියලු දෙනාම සාමන්‍ය ආකාරයට ඔයා ලෙස ආමාන්ත්‍රණය කරයි.

ස්වීඩනයේ මහජනතාවට ඉහළින් කිසිවකුත් නොමැති අතර මහජන නියෝජිතයන් තෝරාපත් කර ගන්නා මහජනතාව ජීවත්වන ආකාරයට මහජන නියෝජිතයන් ද ජිවත් වෙයි.

සියලු දෙනාම එක හා සමාන වූ විට මහජන නියෝජතයන් වෙඩි නොවන මෝටර් රථ අවශ්‍ය නොවන අතර නීති ක්ෂෙත්‍රය තුළ ද මේ ආකාරයෙන් සියලු දේ ක්‍රියාත්මක වෙයි.

ස්වීඩනයේ මහජන නියෝජතයන් මහජනතාව සමග එදිනෙදා ගැටෙමින් සමීපව කටයුතු කිරීම හේතුවෙන් මහජනතාවගේ ප්‍රශන ගැටළු හොඳන් හඳුනයි.

ස්වීඩනයේ මහජන නියෝජතයන් ඔවුන්ගේ වාසියට වැඩ කිරීමට ඉඩක් නැත. මහජන නියෝජතයන් විදයම් කරන මුදල් වියදම් වන ආකාරය හඳුනා ගැනීමට හැකියාව ඇත.

ස්වීඩ්න් රාජ්‍යයේ දේශපාලනය තුළ කළු පැල්ලමක් ඇති කළ සිද්ධිය ලෙස කාගේත් මතකයේ රැඳි ඇත්තේ 1990 දශකයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරියක වූ මෝනා සලීන් මහත්මිය විසින් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය පදවිය ලබීමෙන් පසු රජයෙන් ලබා දෙන ණය කාඩ් පතෙන් ටොබ් ලෙරෝන් චොකලට් එකක්, නැප්කින්, සහ තවත් පුද්ගලික ආයිත්ම් කීපයක් සඳහා මුදල් ගෙවීම හේතුවෙන් ඇයගේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය පදවයි අහිමි වීමයි.

මෙම සිද්ධිය ස්වීඩ්න් දේශපාලනයේ ‘‘ටොබ් ලෙරෝන්‘‘ වංචාව ලෙස ඉතිහාස ගත වී ඇත.

ස්වීඩනය මෙම ජීවන රටාව හේතුවෙන් අවුරුදු 100යක් යන්නට මත්තෙන් දුප්පත් කෘෂිකාර්මික සමාජයක සිට ධනවත් සමාජ සාධාරණත්වයෙන් යුතු දූෂණය අවම සමාජයක් දක්වා පරිවර්තනය විය.

මහජනතාවට ඉහළින් කිසිවකු නොමැතිවීම එයට හේතුව විය.

මෙම ස්වීඩ්න් අත්දැකීම ඕනැම රටකට වෙනස් විය හැකිය යන්න පෙන්වීමට හොඳම උදාරණය වෙයි.

(පරිවර්තනය කළේ විමුක්ති එස් රුද්‍රිගු)