(රෝෂන් තුෂාර)
ලොකු අම්මා සමග ආරවුලක් ඇතිකරගෙන සාමය කඩවන අයුරින් කටයුතු කළේ යැයි කියන සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් හා ඔහුගේ මව ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (13) නියෝග කළේය.
වරෙන්තු ලබා සිටි සැකකාර මව වැල්ලම්පිටිය පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඩෑන් ප්‍රියසාද් සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණයටණයට ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ වැල්ලම්පිටිය පොලිසිය සඳහන් කර සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 81 වගන්තියේ ප්‍රකාරව සාමය කඩවන අයුරුන් කටයුතු කිරීමට එරෙහිව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවය.
ඩෑන් ගේ ලොකු අම්මා කරන ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද සැකකරුවන් වරෙන්තු ලබා සිට සිටි බවද පැවසීය.
කරුණක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්න ලෙසට නියෝග ළේය.
ඩෑන් පියසාත් සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් පසුගිය උදෑසන (11) අත්අඩංගුවට ගෙන වෙනත් නඩුවක් සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඩෑන්ට - අම්මාට ඇප
fairoos Thursday, 13 February 2025 04:28 PM
අනේ පවු නේද?
ජිල්බු Thursday, 13 February 2025 11:07 PM
පවුම පව්. රට ජාතිය ආගම බේරගන්නලු ලොකු අම්ම එක්ක ෆයිට් කරල තියෙන්නෙ.
සෙනෙවිරත්න Friday, 14 February 2025 06:46 AM
නාමල් නීතිඥ තුමාද පෙනී සිටිය?