IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ඩීසල් ලීටර් 19,000ක් අල්ලයි

නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ඩීසල් ලීටර් 18,800ක් සමග සිවු දෙනකු හම්බන්තොට ධීවරය වරාය ආසන්නයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායකියයි.

විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතරුක් මත මෙම ඩීසල් තොගයක මාළු ලොරියකින් හා තවත් ලොරි රථයකින ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඩීසල් තොගය අම්පාර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව මූලික පරීක්ෂණවලින් අනාරණය වී ඇත. මෙම තෙල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80 පමණ වෙයි.

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ  උපදෙස් පරිදි හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ හම්බන්තොට කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක යූ.ජී.එස්. පුෂ්ප කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.



අදහස් (7)

ඩීසල් ලීටර් 19,000ක් අල්ලයි

ravin Wednesday, 10 August 2022 10:03 AM

විශාල ඩීසල් ප්‍රමාණයක් ලබ ගත් ආකාරයත් විමර්ශනය කරන්න. අනිවාර්යෙන්ම මෙය පිටුපස දේශපාලනඥයෙක් සිටිය හැකියි

:       1       12

ruwan Wednesday, 10 August 2022 10:12 AM

ඉන්ධන නොමැතිවීම අහන්න දෙයක්ද?

:       2       10

fairoosWednesday, 10 August 2022 12:48 PM

හානේ මෙහෙමත් අය... ලියුම් 19000 ලංකාවට බෙදන්න පුළුවන් කියලා හිතුවද?

:       1       0

BamunuarachchiThursday, 11 August 2022 04:46 PM

බෙදන්න බැහැ තමයි. මොකක්ද ප්‍රශ්නය? මස්කඩ කාරයෝද ඩීසල් හන්ගන් ඉඳලා තිබෙන්නේ?

:       0       0

Raja Wednesday, 10 August 2022 12:37 PM

මෙන්න ලංකාව, වෙන රටවල අල්ලන්නේ මත් කුඩු, ගන්ජා, ගිනිඅවි... අපේ ආරක්ෂක බලකාය අල්ලන්නේ ප්‍රසිද්ධියේ විකුණන ඩීසල්...!

:       3       2

samanWednesday, 10 August 2022 02:18 PM

ලංකාවෙත් ඔය කියන ජාති අල්ලනවා- දැන්ද ඇහැරුනේ?

:       1       2

RajaWednesday, 10 August 2022 05:28 PM

අල්ලන්වා , අල්ලන්නෙ මොනාද? රට විනාශ කළ පිරිස් රටින් යන්නෙ ආරක්ෂක හමුදා එක්ක අල්ලන්නෙ පපි වෙනුවෙන් සටන් වදින අය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 875 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site