IMG-LOGO

ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක පාඩුයිලු

 

(යොහාන් භාසුර)

ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක අලාභයක් ලබන බවත් එහෙත් ඩීසල් ලීටරයක් රුපියල් 55 කින් පමණක් ඉහළ දැමූ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

පසුගියදා ඉන්ධන මිල වැඩි කිරීමෙන් පෙට්‍රල් සහ සුපිරි ඩීසල් වලින් ලබන පාඩුව පමණක් පියවා ගැනීමට කටයුතු කළ බවත් ඩීසල්වලින් වන පාඩුව පියවා ගැනීමට නම් ලීටරයක් රුපියල් 120 කින් මිල ඉහල දැමිය යුතු බවත් විජේසිංහ මහතා කීය.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 තොගයක් ආනයනය කිරීමට මීට පෙර වැය වූ ඩොලර් මිලියන 32 මේ වන විට ඩොලර් මිලියන 51 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කී සුමිත් විජේසිංහ මහතා පැරණි මිලට තවදුරටත් ඉන්ධන අලෙවි කළේ නම් ඛනිජ තෙල් සංස්ථාව මෙම මස රුපියල් කෝටි 2600 ක් පාඩු ලැබීමේ අවදානමක් තිබූ බව ද සඳහන් කළේය.

 



අදහස් (9)

ඩීසල් ලීටරයකින් රුපියල් 120 ක පාඩුයිලු

Hafeel Sunday, 13 March 2022 09:15 AM

එතකොට සභාපතිට ඔතන තියන රාජකාරිය වෙන්නේ සංස්ථාව පාඩු ලබමින් කියමින් මිල වැඩි කරන එක. මේ වැඩේ ඔතන ඉන්න සාමාන්‍ය නිලධාරියෙක්ට කරන්න බැරිද..?

:       0       9

යෝගා Sunday, 13 March 2022 09:30 AM

ඒකත් ඔයගමන්ම වැඩි කරලා දාන්න දෙපාරක් බැනුම් අහන්නේ නැතුව...

:       0       6

Pradeep Kumara Sunday, 13 March 2022 10:15 AM

සංස්ථාව එදා ඉඳලාම ලබන්නේ පාඩු... නමුත් එහි නිලධාරීන්ගේ සහ සේවකයින්ගේ වැටුප් සහ දීමනා ඉතාමත් ඉහළයි. ඒ මදිවට මෑතකදී රුපියල් කෝටි ගණනක් වැය කර ආරක්ෂිත කැමරා සවිකලා. කලින් කැමරා සවිකර තිබියදීත්.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 13 March 2022 10:31 AM

මේ තරම් පාඩු නම්, සේවකයින්ට ළඟදීම බෝනස් ගෙවන්නට හදන්නේ කොහොමද කියා රූපවාහිනි නාලිකාවක විමසනු පෙනුණා..

:       1       7

තෙල් බාලා Sunday, 13 March 2022 03:50 PM

එතකොට තෙල්මිල අඩු කාලේ අඩු නොකර ඒ අධික ලාභය අරමුදලක් හදලා තෙල් මිල වැඩිවෙද්දී වැඩි නොකරනවා කිව්වේ... කෝ එහෙම කිව්ව ඇමතියා...? එතකොට කෝ ඒ ප්‍රකෝටි ගාණක සල්ලි...? කාටත් මේවා අමතකයි...!

:       0       15

wicky Sunday, 13 March 2022 04:45 PM

තෙල් අඩු වෙනකොට පරිප්පු, සැමන් අඩුවට දෙනවද? මොකක්ද එකක් ජාතිය අමතලා කිව්වා නේද? දැන් පරිප්පු, සැමනුත් වැඩියිනේ... එතකොට කොහොමත් කෙලින්ම බස් ගාස්තු වැඩි කරනවනේ... අනික්වාත් වැඩිවෙනවා. ඉතින් ඕක කෙලින්ම 120 කින්ම වැඩි කළා නම් ඉවරයි. මොකද ඕක පාඩුයි, පාඩුයි කියලා අන්තිමට වෙන්නේ ඔය පාඩුවත් දුප්පත් මිනිස්සුන්ගෙන් හිලව් වෙන එක විතරයි. ඔය 225 න් කවුරුවත් ඔව්වා ගෙවන්නේ නැහැනේ... බස් හිමියටත් ප්‍රශ්නයක් නැහැ. දවසකට පාඩුයිලු 5500ක්. ඒත් එයාලා දුවනවා. පාඩුපිට බිස්නස් කරන කට්ටියක් මම දැක්කාමයි..

:       0       7

sampath Sunday, 13 March 2022 11:18 PM

මේවා වෙන රටකට දීලා දාන්න ඕනේ... අපිට මේවා පාලනය කරන්න පුළුවන් තරම් දක්ෂයන් නැහැ. හිටියත් ඒ මිනිස්සුන්ට අවස්ථාවකුත් නෑ. පාඩුනම් තේ කඩයක් වුණත් වහලා දාන්න වෙනවා.

:       0       0

නිමල් Monday, 14 March 2022 04:25 AM

සංස්ථාවට කෝටි ගණන් පොලු තියා ඇති ආයතන වලින් අයකර ගන්න නැතිනම් ඒවාට ඉන්ධන සැපයීම නවත්වන්න. පාඩුව එවිට අඩුවෙයි. කරන්න බැරිනම් බයිලා නොකියා ගෙදර යන්න.

:       0       1

sharm warn Monday, 14 March 2022 03:07 PM

මේ අයගේ කටවල්වලට පාඩුයි, පාඩුයි කියනවා ඇරෙන්න වෙන වචන එන්නෙම නැහැ වගේ... ඇයි අපි ණයට තෙල් ගහලද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 136 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site