IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ඩීසල් කියා වතුර විකුණලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්ධන  පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු රවටා ඩීසල්  කියා වතුර ලිටර් 60 ක  බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංචා කළ සිද්ධියක් බණ්ඩාරගමින් වාර්තා වේ.

සිද්ධියට මුහුණ පෑ එක් අයකු කුඩා වෑන් රථයකින් තැඹිලි විකුණා ජීවිකාව කරගෙන යන අතර අනෙක් පුද්ගලයා කුඩා ලොරි රථයක හිමිකරුවෙකි.

ඉන්ධන පිරවුම් හල අසල දින පහක පමණ කාලයක සිට ඔවුන් දෙදෙනා පෝලිමේ රැඳී සිටින අතර අල්ලාප සල්ලාපයේ යෙදෙමින් මිතුරන් බවට පත්ව ඇත.

ඔහුන් අසලට පැමිණි ආගන්තුක පුද්ගලයකු හොරෙන් පැන්නූ ඩීසල් වගයක් තියෙනවා අඩුවට දෙනවා ගන්නවා දැයි විමසා ඇත.

දින කීපයකින් නිසි අයුරින් ආහාර නොමැතිව නිදා ගැනීමටත් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටි ඔවුන් දෙදෙනා එම පුද්ගලයාගේ යෝජනාවට කැමති වී  දෙවරක් නොසිතා එය මිලදී ගැනීමට එකඟ වී ඇත

මද වේලාවකින් පසු ආගන්තුක පුද්ගලයා රැගෙන විත් ඔහුන් අසල තබා තිබූ  බුලි  පරික්ෂා කිරීමේදී ඩීසල් බවට හැඟී යා මෙන් ඊට නියමිත රුපියල් 24000ක මුදලක් ද එම පුද්ගලයා වෙත ඒ මොහොතේම ලබා දීමට කටයුතු කර ඇත

එක් අයකු වාහනයට දැමූ ප්ලාස්ටික් බූලිය පතුලින් කාන්දු වීමක් ඇති වී ඇති අතර ඒවා පරික්ෂා කිරීමේදී වතුර බවට හැඟී ගොස් ඇති අතර ඒ බව අනෙක් පුද්ගලයාට පැවසීමට යාමේදී ඔහු ද පවසා ඇත්තේ තමන්ගේ බූලි දෙකේම ඇත්තේද වතුර බවය.

ඔවුන් දෙදෙනාම ක්ෂණිකව තමන්ට ඩීසල් යැයි කියා වතුර ලබා දුන් පුද්ගලයා සොයා නගරය පුරා සැරි සැරුව ද එම ජාවාරම්කරු සොයා ගැනීමට නොහැකි වී ඇත

 



අදහස් (1)

ඩීසල් කියා වතුර විකුණලා

Perera Thursday, 16 June 2022 08:51 AM

සල්ලි දෙන්න කලින් බූලි ඇරල බලල හරියටම ඩීසෙල්ඩ කියල බලන්නැති ගොන් හටන් දැක්කමද කොහෙද.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 272 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 244 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site