IMG-LOGO

ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩුවෙයි

(යොහාන් භාසුර)

ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩු වී ඇති බවත් පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් සිදුවී ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 

2022 ජනවාරි මස අලෙවිය 2023 ජනවාරි මස අලෙවිය සමග සංසදනය කිරීමේදී එම තොරතුරු හෙළි වූ බවත් ලංකා ඔටෝ ඩීසල් අලෙවිය සියයට 50කින්, පෙට්‍රල් අලෙවිය සියයට 30 කින් සහ භූමිතෙල් අලෙවිය සියයට 70 කින් අඩු වී  ඇතැයිද එම වාර්තාවෙන් හෙළිවී ඇති බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සදහන් කරයි. 



අදහස් (13)

ඩීසල් අලෙවිය සියයට 50 කින් අඩුවෙයි

Hafeel Friday, 10 March 2023 04:21 PM

දරාගන්න බැරි තරමට ඉන්ධන සහ විදුලි බිල වැඩි නිසා රටේ ව්‍යවසාය සහ ආර්ථිකය කඩා වැටිලා. ඒ නිසා ඉල්ලුම අඩු වෙලා. ඉතින් රනිල් ආණ්ඩුව ලකුණු දාගන්නවා රටේ ඉන්ධන හිඟයක් නැහැ කියල.

:       72       38

Bamunuarachchi Friday, 10 March 2023 05:33 PM

මිනිස්සු දැන් තමන්ගේ වැඩ කටයුතු කරගැනීම, ගමන් බිමන් ආදිය සැලසුම් සහගතව කරනවා. බඩු ගන්න ගියාම එක ගමන් වාරයකදී සියල්ලම කරගන්නවා. නුවර සිට කොළඹට එන අය කාලය තිබෙනවා නම් අතරමග නෑ ගෙවල් වලටත් ගොඩවෙනවා. මේ නිසා වාහන ගමන් බිමන් අඩුයි. ජනතාවට මුදල් ඉතුරුවෙනවා වගේම රටේ විදේශීය විනිමය ඉතුරු වෙනවා. පරිසර දූෂණය අඩු වෙනවා.

:       15       47

senaSaturday, 11 March 2023 11:48 AM

ඩීසල් පාවිච්චි කරන්නේ රටේ ආර්ථිකයට උර දෙන බර වාහන... මේක තේරුම් ගන්න බැරි වහල්ලු පරිසරයක් ගැන කොටනවා. පරිසරය රකින්න ඩොලර් ඉතුරු කරන්න ඉන්ධන රටට නොගෙවා හිටපුවාම හරිද?

:       3       7

Hafeel Saturday, 11 March 2023 06:20 PM

Sena, බමුනුට ප්‍රතිපත්තියක් නැහැ. කාලයෙන් කාලයට එක එක්කනාට ගොට්ට අල්ලනවා. ඒකට තමයි මම එදා ඉඳන් බමුනුට කියන්නේ බිම නිදාගන්න එපා, මොලය නරක් වේවි කියලා.

:       0       2

Bamunuarachchi Sunday, 12 March 2023 04:33 AM

Sena Hafeel, ඔබලාට ලැබිලා තිබෙන ලයික් ඩිස්ලයික් ගණන බලන්න.

:       0       0

කිරිපුතා Friday, 10 March 2023 05:24 PM

ප්‍රශ්න එනකොට මිනිසුන් විකල්ප හොයා ගන්නවා. ඒකයි ස්වභාවය.

:       3       38

ravin Friday, 10 March 2023 06:12 PM

පහුගිය දවස්වල ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍යය තුළින් දැක්කා අමතර කොටස් නොමැතිකමින් වාහන ලක්ෂ ගණනක් කොට උඩ කියලා... ඉන්ධන මිල පහත යාම පුදුමයක්ද? ඉබේම අට පාස් අයට නම් ඉබේම ඉල්ලුම පහත වැටීම ලොකු දෙයක්...

:       3       36

pakeer Friday, 10 March 2023 07:35 PM

කාලාබීලා ඉන්න ඕනේ... තෙල් ගහන්න ඉස්සෙල්ලා. අනිත් එක අපරාදෙ රෙදි ගෙන්නන්නේ... ඒවත් නැති කළා නම්... කොළඅතු ඇඳන් අපිට රස්සාවට යන්නත් තිබුණා. මොකද අපිට පුළුවන්නේ විකල්ප ක්‍රම හොයාගන්න අන්න ඒ විදිහට...

:       3       22

Senaka Friday, 10 March 2023 07:43 PM

දැන්වත් ඔය කෝටාව පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට මිනිස්සු මොකක් හරි කරගනීවි පුළුවන් විදියකට...

:       4       33

Chandana Saturday, 11 March 2023 08:46 AM

Qr කැන්සල් කරලා පොඩි තෙල් පෝලිමක් හදන්නේ... එතකොට ඉල්ලුම ඩබල් වෙයි. ඒකාලේ වාහනේ තෙල් නැතත් මිනිස්සුන්ගේ ගෙවල්වල තෙල් තිබ්බා..

:       0       3

වටලප්පං Saturday, 11 March 2023 01:49 PM

අරක්කු, සිගරට් එහෙමත් භිවිතය අඩුවෙලා ඇති නේද?

:       0       1

ටානියා Saturday, 11 March 2023 02:08 PM

අනවශ්‍ය ලෙස කරන්න පුරුදුව සිටි ඉන්ධන නාස්තිය අඩුවීම රටේ ඩොලර් අර්බුධය සමනය වීමට ප්‍රධාන හේතුවක්. ඒ නිසා මිල නම් අඩු නොකළ යුතුයි...

:       0       0

sanjeewa Saturday, 11 March 2023 05:39 PM

ආර්ථිකය කඩාවැටීම නිසා රැකියා අහිමිවෙලා, ජනතාවගේ ගමනාගමනය ඇණහිටලා..., අමතර කොටස් නොමැති නිසා රටේ වාහනවලින් 20%ක් පමණ ගොඩ ඇදලා... එහෙම වුණාම ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1345 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site