IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයට සැක අයෙක් අල්ලයි

( සිතුම් චතුරංග රොමේෂ් මධුෂංක සහ ඉන්දිකා රාමනායක)

යාපනය , නැදුන්තිව් මාවිලා වරාය අසල නිවසක තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කළ එකම පවුලේ සහෝදරියන් තිදෙනකු ඇතුළු පස්දෙනකු ඝාතනය සම්බන්ධයෙන් 51 හැවිරිදි අයකු කයිට්ස් , පුංකුඩිතිව් හීදි  අත්අඩංගුවටතත් බව ඩෙල්ෆ් පොලිසිය කියයි.

සැකකරු වෙනත් ප්‍රදේශයකට පලායාමට සූදානම්ව සිටියදී විමර්ශන සිදුකළ යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එලෙස සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

සැකකරු සතුව තිබී ඝාතනයවූ කිහිපදෙනකු භාවිතා කළ ජංගම දුරකථන තුනක් , නිවසින් සොරාගත් පවුම් දහයකට අධික බරින් යුත් රන් භාණ්ඩ සොයාගත් බවත් පොලිසිය සඳහන් කළේය.

පෙරේදා ඩෙල්ෆ් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව නිවස පරීක්ෂා කිරීමේදී කපාකොටා ඝාතනයකළ කාන්තාවන් තිදෙනාගේ සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බවත් තුවාල ලබා සිටි වයෝවෘද කාන්තාවක් ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවද පොලිසිය පැවසීය.

එලෙස කපාකොටා ඝාතනය කොට ඇත්තේ යාපනය , ඩෙල්ෆ් , මාවිලා වරාය අසල පදිංචි කාර්තිකේසු නාගේශ්වරී ( 83), නාගනාධි බාලසිංහම් (82) හා විදේශගතව සිට පැමිණි බාලසිංහම් කන්මනිපිල්ලේ ( 76) සහ ඇගේ ස්වාමිපුරුෂයා වූ වේලායුදම්පිල්ලේ නාගේන්ද්‍ර රත්නම් (78) සහ යාපනයේ පදිංචිව සිටි මහාදේවන් (75) පිරිස වේ.

 එක් කාන්තාවක් නිවසේ ඇඳමත ඝාතනය කොට ඇති අතර අනෙක් කාන්තාවන් හා පිරිමි පුද්ගලයින් දෙදෙනා නිවසේ විවිද ස්ථානවලදී ඝාතනය කොට තිබූ තියුණු ආයුධයකින් හිසට පහරදී මෙම ඝාතන සිදුකොට ඇති බවට අනාවරණයවූ බවත් පැවසීය.

 පොලිසිය වෙත ඝාතනයන් පිළිබඳ වාර්තාවීමත් සමඟ ඝාතකයා අත්අඩංගුවටගැනීම සඳහා ඩෙල්ෆ් සිට කුරිකට්ටුවාන් දක්වා මගීප්‍රවාහන බෝට්ටුසේවය තාවකාලිකව නවතා දැමීමට පියවරගත්තද සැකකරු කයිට්ස් වෙත පලාගොස් සිට ඇති බවද පොලිසිය පැවසීය.

 පොලිසිය පැවසූයේ සැකකරු විදේශරටක පදිංචිව සිට වසර ගණනකට පෙර යාපනය වෙත පැමිණ ඇති බවත් ඔහු පොලියට මුදල් ලබාගෙන ගෙවීම් පැහැර හැර ඇති බවට අනාවරණයවූ බවත්ය.

මියගිය පුද්ගලයින්ගේ මරණයන් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (22) කයිට්ස් මහෙස්ත්‍රාත් එස්. ගජනිත්‍යබාලන් මහතා විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණයන් සඳහා සිරුරු යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙනයාම සිදුකෙරිණ.

තුවාල ලැබූ කාන්තාවගේ තත්වය බරපතල නොවන බවත් ඇයගෙන් ප්‍රකාශ ලබාගන්නා බවත් පොලිසිය පැවසීය. අත්අඩංගුවටගත් සැකකරු රැදවුම් නියෝග මත ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් පැවසීය.

 ඩෙල්ෆ් පොලිසිය , යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඝාතනයන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයට සැක අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site