IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක වාස වීසා

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් ලක්‍ෂයක් තැන්පත් කරන විදේශිකයින්ට වසර 10ක කාලසීමාවක් දක්වා වාස (රෙසිඩන්ස්) වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මෙම වීසා නිකුත් කිරීමේ වැඩසටහන “රන් පාරාදීස වීසා වැඩසටහන” ලෙස නම් කර ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

එමෙන්ම සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආයෝජනය කරන විදේශිකයින්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට, ඔවුන්ගේ කලත්‍රයින්ට සහ යැපෙන්නට ආයෝජනය කරනු ලබන අමෙරිකානු ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වාස වීසා නිකුත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද නාලක ගොඩහේවා මහතා පැවසීය.

විදේශ ආයෝජකයන් සඳහා මීට පෙර ක්‍රියාත්මක කරන ලද දීර්ඝ කාලීන වාස (රෙසිඩන්ස්) වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මීට පෙර ක්‍රියාත්මක කළ දීර්ඝ කාලීන වාස වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා පසුගිය වසරේ මාර්තු 7 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බවත්, එම ක්‍රමවේදය යටතේ ඉහත ක්‍රමවේද හඳුන්වා දෙන බවත් ගොඩහේවා මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මීට අමතරව ශ්‍රී ලංකවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා නිකුත් කර ඇති සංචාරක වීසා බලපත්‍ර කාලසීමාවගාස්තු අයකිරීමකින් තොරව තවදුරටත් දීර්ඝ කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඔවුන්ගේ වීසා කාලය මීට පෙර ඉකුත් පෙබරවාරි මාසයේ දී මාස දෙකකින් දීර්ඝ කෙරුණු අතර, දෙරට අතර පවතින අර්බුදකාරී තත්වය තවමත් සමනය වී නොමැති බැවින් මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා කීවේය. 



අදහස් (3)

ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයන්ට වසර 10ක වාස වීසා

Saman Wednesday, 27 April 2022 09:52 AM

විදෙස් ශ්‍රමිකයන්ට මුකුත්ම නැද්ද

:       0       5

වසන්ත Wednesday, 27 April 2022 11:28 AM

ලෝකේ වෙන රටවල් නැත්නම් විදේශිකයෝ එයි ඔය කියන විදියට ඩොලර් තැන්පත් කරලා ලංකාවේ රෙසිඩන්ස් වීසා ගන්න. ලංකාව, මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් රටක්ද? මෝඩයින් ගේන යෝජනා. ඔයවගේ ගොන් වැඩකරලා තමයි රට මේ තත්වෙට පත්කෙරුවේ...

:       0       5

Dilan Wednesday, 27 April 2022 03:30 PM

ඔය අදහස ගෝඨාගේ නෙමේ... ඕක ගෙනාවේ ධම්මික පෙරේරා..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 226 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 750 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site