
(අංජුල මහික වීරරත්න)
2022 වසරේ දෙසැම්බර් 23 සිට 2023 ජනවාරි මස 02 දක්වා කාලයේ යාල ජාතික වනෝද්‍යානය නරඹන්නන් ගෙන් විශාල මුදලක් උපයා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙතෙක් යාල වනෝද්‍යානය දිනකදී ලද ඉහලම ආදායම වන රුපියල් 11,264,179 ක් ජනවාරි 2 වැනිදා වාර්තා කළ බව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.
දෙසැම්බර් 23 වැනිදා රුපියල් 3,940,487ක් ද, 24 වැනිදා රුපියල් 4,136,654ක් ද 25 වැනිදා රුපියල් 4,298,032ක් ද, 26 වැනිදා රුපියල් 5,011,064ක් ද, 27 වැනිදා රුපියල් 6,476,505ක් ද, 28 වැනිදා රුපියල් 8,190,277ක් ද, 29 වැනිදා රුපියල් 6,973,495ක් ද, 30 වැනිදා රුපියල් 8,056,954ක් ද, 31 වැනිදා රුපියල් 5,282,070ක් ද වශයෙන් උපයා ඇත.
මෙම වසරේ ජනවාරි 01වැනිදා රුපියල් 4,708,450ක් උපයා තිබෙි.
විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ දකුණු පළාතට පැමිණ ඇති බැවින් ඉන් බහුතරයක් දිනපතා යාල වනෝද්‍යානයේ සතුන් නැරඹීම සඳහා පැමිණෙන බව ද වන ජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
රටට අවශ්‍ය ඩොලර් ඉපැයීමේ වැඩපිළිවෙලක් ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ආරම්භ කිරීමට ද තීරණය විය.
2025 දෙසැම්බර් මස 18
171
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩොලර්-රුපියල් යායට යාලේ
siri Tuesday, 03 January 2023 03:16 PM
මුදල් හම්බකරනවා විතරයි. එතරම් මුදල් කන්දරාවක් වියදම් කරන මිනිස්සුන්ට අවශ්‍ය අවම පහසුකමක්වත් සපයන්න උවමනාවක් නැහැ. යාලත් එකයි අනිත් හැම තැනත් එකයි. පෝලිම් වල කාලේ කන්නේ නැතුව ඉක්මනින් වන උයන් වලට ඇතුල් වෙන්න හැකිවෙන ආකාරයේ කාර්යක්ෂම ක්‍රමවේදයක්, සංචාරකයින් ගසාකමින් වන උයන් වල නීති රීති තුට්ටුවකට ගණන් ගන්නේ නැති අවිධිමත් හැබිචෝල් ජීප් රියදුරන් මේච්චල් කරන්න ක්‍රමයක්, හදිසියකට පාවිච්චිකරන්න පිරිසිදු වැසිකිලියක්, ඉල්ලන ගානක් ගෙවල නවාතැන් ගන්න සැප පහසු බංගලාවක්, වතුර උගුරක් බොන්න සුදුසු තැනක් ආහාර වේලක් ගන්න සුදුසු තැනක් සුදානම් කර දුන්නොත් නරකද ? මේවා බාර මිනිස්සු අනන්තවත් අප්‍රිකාවේ රටවල වන උයන් බලන්න නම් රස්තියාදුවේ යනවා. ඒ ගමන් වලින් සැප ගත්තා මිස ඉගෙන ගත්තු දෙයක් නැහැ.
එෂාමා කාරියකරවන Tuesday, 03 January 2023 09:58 PM
මොවුන් දැන් යාල තව හෝටල් දෙකතුනක් ගහලා සත්තුන්න්ට ඉන්නම බැරිවෙන්න හදයි. සංචාරකයන් එන්න සත්තු බලන්න. මොවුන් හිතන්නෙ හෝටල් බලන්න කියලා. අනේ පව් අසරණ සත්තු. උන් දවස ගානෙ දුක්විඳල මැරෙනව. කිසිම දෙයක් කරන්නෙ නෑ ඔවුන් වෙනුවෙන්.