IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඩොල්පින් වසන්තය ඇරැඹෙයි

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය සිදුතෙරට ඩොල්පින් වසන්තය උදාවී ඇත. මසක් පමාවී මෙවර ඩොල්පින් නැරඹුම් සමය උදාවූ බැව ඩොල්පින් යාත්‍රා කරුවෝ පවසති.

ඒ අනුව උදාවූ නොවැම්බර් මස සිට එළැඹෙන වසරේ අප්‍රේල් අග දක්වා ඩොල්පින් නැරඹුම් සමය දිව යයි.

සෞඛ්‍ය ආරක්ෂිතව හා සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූලව ඩොල්පින් නැරඹුම් සේවා ක්‍රියාත්මක කරයි.

එක් කුඩා යාත්‍රාවක ගමන් ගත හැක්කේ යාත්‍රා ක්‍රියාකරු සහ සහායකයාට අමතරව හය දෙනෙකි.

ජීවිත ආරක්ෂක කබා පැළදීම අනිවාර්‍ය වේ.සෑම ගමන් වාරයකටම පෙර හා පසු යාත්‍රාව විශ බීජ හරණයට භාජනය කළ යුතුය.අසනීපයෙන් පෙලෙන අය සංචාරයට සහභාගී නොවීමට වග බලා ගන්නා ලෙසට ද යාත්‍රාකරුවන් සිහිපත් කර සිටිති.

වණජීවී දෙපාර්තුමේන්තුවේ කල්පිටිය ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක මංජුල මොරතැන්න මහතා ප්‍රකාශ කළේ ඩොල්පින් නැරඹීමේ දී,ඔවුන්ගේ ස්වාභාවික ක්‍රියාවන්ට බාධා නොවන අයුරින් නැරඹිය යුතු බව ය. ඩොල්පින් මසුන් නැරඹීමේ දී මීටර 50 ක දුරක් සිට නැරඹිය යුතු ය.

 



අදහස් (2)

ඩොල්පින් වසන්තය ඇරැඹෙයි

sharm warn Wednesday, 17 November 2021 01:19 PM

හරිම සුන්දර දසුනක්. ඔවුන් නරඹන්න යන්න නොයිවිසිල්ලෙන් ඉන්නේ.

:       0       2

ජයරත්න වික්‍රමාරච්චි Wednesday, 17 November 2021 02:37 PM

නියමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17742 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 743 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site