IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩ්‍රෝන තාක්ෂණයෙන් අක්කර 8 කට කෘමි නාශක-වල් නාශක ඉසියි

(ඉන්දිකා  රාමනායක)

යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක  පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ‍ඩ්‍රෝන  තාක්ෂණය භාවිතා කරමින් ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක  වගාවක්  වෙනුවෙන් කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදි.


නියමු ව්‍යාපෘතියක් වශයෙන් පළමු අදියරේදී යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්ෂක බ්‍රිග්‍රේඩියර්  ඒ.කේ රාජපක්ෂ  සහ 2 වන කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතන් ඩබ්ලිව්.ඒ.ඒ.කේ.වයි වික්‍රමසිංහ මහතාගේ  අධීක්ෂයණය යටතේ ආයතනය කිහිපයක් සමග එක්ව මෙය නියමු ව්‍යාපෘතියක්  ලෙස දියත් කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ  මහතාගේ  අධීක්ෂණය උපදෙස් යටතේ ,අද්‍යක්ෂ  ජෙනරාල් මූල්‍ය  කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ,  මහතාගේ  සංකල්පයක් මත මෙම නියමු  ව්‍යාෘතියක්  ආරම්භ කරන ලදී.


මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට  අස්වැන්න සඳහා යෙදවීම අපේක්ෂාන කරයි.

 



අදහස් (2)

ඩ්‍රෝන තාක්ෂණයෙන් අක්කර 8 කට කෘමි නාශක-වල් නාශක ඉසියි

Lalla Monday, 05 June 2023 06:57 AM

යුද හමුදාව කරන දේට සීමාරහිතව මිනිස් ශ්‍රමය වැය කරනවා. මේක හොඳට පේනවා ඔවුන්ගේ හෝටල් සහ නිවාඩු නිකේතන වල කටයුතුවල හැටි දැක්කම.

:       1       3

Nihal Monday, 05 June 2023 12:40 PM

මේ විෂෙන්ම කොටසත් ඇල දොල ලිං වලටත් මිශ්‍ර වෙනවා , දැන් ලෝකයම වෙනත් ක්‍රම භාවිත කරනවා,මෙයට පිලියම් යෙදවිය යුතුයි නැතිනමි ලෝකයේ වැඩිම වකුගඩු ,පිලිකා රෝගයෙන් මියයන රට ලංකාව

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site