IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩයනාට නඩු පවරයි:චෝදනා කියවාදීමට දින දෙයි

(රෝෂන් තුෂාර)

ආගමික හා විගාමික  පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ චෝදනා යටතේ  හිටපු අමාත්‍ය  ඩයනා ගමගේ මහත්මියට එරෙහිව  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(11) නඩු පැවරීය.

ඇප මත සිටින ඩයනාගමගේ මහත්මිය විත්ති කූඩුවේ පෙනී සිටීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  පැමිණිලි ගොනු කරමින් නඩු පැවරු අතර චෝදනා කියවාදීම අගෝස්තු 01 දින සිදු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළු වෙල මහතා දන්වා සිටියේය.

අද දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිවාඩු ලබා ඇති බැවින් චෝදනා කියවාදීම මෙසේ කල් තැබිණි.

නඩු භාණ්ඩයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකාරියගේ රාජ්‍ය ත්‍රාන්තික ගමන් බලපත්‍රය අධිකරණ සේප්පුවේ තැබීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.



අදහස් (4)

ඩයනාට නඩු පවරයි:චෝදනා කියවාදීමට දින දෙයි

Always break down Thursday, 11 July 2024 12:43 PM

මෙයත් ක්ලබ් වසන්ත එක්ක ජෝගි නටපු කෙනෙක් තමයි

:       1       19

අසංග​ Thursday, 11 July 2024 12:48 PM

එතකොට ආගමන විගමන කොමසාරිස් තුමා තොත්ත බබෙක් ද​?

:       0       27

අරවින්ද මොනරවිල Thursday, 11 July 2024 01:00 PM

මේකත් අන්තීමට පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන නඩුව අවසන් වෙන ජාතියේ නඩුවක් වෙයි වගේ ?

:       1       19

wasala Thursday, 11 July 2024 01:39 PM

පාර්ලිමේන්තුව තුළ පවා මේ ගැන කියද්දී දැන දැනම මෙයාට මන්ත්‍රී කරපු විපක්ෂ නායකයාට, විතරක් නෙවෙයි ඇමැති කමක් දීපු පින් ජනාටත් විරුද්ධව පියවර ගත යුතුයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site