
(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කර)
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය පවසයි .
විශේෂයෙන් ඉහල තේ වත්තේ කොටසක් මෙසේ නාය යාමට ලක්වී විශාල මඩ, පස්තට්ටු ප්‍රධාන මාර්ගයට කඩා වැටීමට පටන් ගෙන ඇති බවත් , හෙට දින අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට යන සිසුන් ට කිසියම් මාර්ග අපහසුතාවක් ඇති විය හැකි නිසාවෙන් එම ස්ථානයේ ජේසිබී බැකෝයන්ත්‍ර හදිසි අවශ්‍ය තාවකදී ප්‍රයෝජනයට ගැනිමට නවතා තබා සූදානම් කර ඇතැයි එහි නිලධාරියකු සදහන් කළේය .
පසුගිය වසරේද පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) මෙම ස්ථානයේම මෙසේ නාය යාම නිසාවෙන් දින කීපයක් පුරා මාර්ගය වසා දමා රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ බවද මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය වැඩිදුරටත් පැවසීය .
2025 දෙසැම්බර් මස 18
640
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ