IMG-LOGO

ඩබ්ලිව්.පී.සීගේ ATM කාඩ්පතට විද්ද සැරයන්-පීසී ඇතුළු පහක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිස් කොස්තාපල්වරියකට අයත් ඒ ටි එම් කාඩ් පතකින්  ඉන්ධන ඇතුළු රුපියල්15,150 භාණ්ඩ ලබා ගත් කන්දේ නුවර පොලිසියට අනුයුක්ත  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු  ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි .

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කන්දේ නුවර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු  කොස්තාපල්වරයෙක් බහු කාර්ය සංවර්ධන සහායකවරයෙක් , ලග්ගල පොලිසියට අනුයුක්ත බහු කාර්ය සංවර්ධන සහයකවරයෙක් හා රත්තොට ප්‍රාදේශීය සභාවේ විදුලි කාර්මිකයකුදවන බව පොලිසිය කියයි

ඉකුත් 24 වෙනි දින  රාත්‍රී මාතලේ වෙසක් කලාපය පැවති විහාර මාවතේ මාර්ගය වැටී තිබූ ඒ.ටී.එම් කාඩ් පත අහුලාගෙන එමගින් රුපියල් 15,150 මුදල් ඇතුළු දේපළ ලබාගෙන ඇති බව පවසමින් මාතලේ පොලිසියට අනුයුක්ත කාන්තා පොලිස් කොස්තාපල්වරිය  පැමිණිල්ලක් සිදු කර තිබූ බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකර  එම ඒ ටි එම් කාඩ් පත උපයෝගී කරගෙන  මාතලේ නගරයේ පෞද්ගලික ඉන්ධන හලකින් සහ සමූපාකාර  ඉන්ධන හලෙන් ඉන්ධන හා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මාතලේ වෙසක් කලාපයේ පොලිසි ස්ථාන විසින් ඉදිරිපත් කරන ලද වෙසක් කූඩු භාරව පැමිණි කන්දේ නුවර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය  කියයි.



අදහස් (4)

ඩබ්ලිව්.පී.සීගේ ATM කාඩ්පතට විද්ද සැරයන්-පීසී ඇතුළු පහක් මාට්ටු

kaalagune Wednesday, 29 May 2024 03:21 PM

කුණුවෙලා ඕජස් ගලන සමාජයක කොහොමද මිත්‍රයා පොලිසියේ සේවයකරන අය විතරක් කුණු නොවී ඉන්නේ? ආචාර ධර්ම, සදාචාර වගේ බර සංකල්ප මේවාගේ සමාජවල නිකන්ම නිකන් වචන විතරයි..

:       0       18

නිහාල් Wednesday, 29 May 2024 04:44 PM

සමාජය කොච්චර සුවඳ උනත් පොලිසිය හැමදාම කුණුවෙච්ච ගමන්ම තමයි. වැටිලා තිබුණු සල්ලි මුදල් අහුලපු මිනිස්සු ඒවා පොලිසියට ගෙනිහින් දෙනව. පොලිසිය අහුලපු ඒවාට ඒ අයම විදිනවා. අනේ මගේ බදු සල්ලි..

:       0       15

Bunny Preena Thursday, 30 May 2024 10:37 AM

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පාඨමාලාව මොනවාහරි වෙනස් වීමක් වෙලා වත්ද?

:       0       0

Gniljee Thursday, 30 May 2024 11:36 AM

පොලිසියේ කෙනෙක් පිළිකන්නේවත් ගෙට ගන්න එපා කියන්නේ ඕකට තමයි. OIC කෙනෙක් මීටිමකදී කියලා තියෙනවා... පොලිසිය බල්ලට ගිහින් නැහැ. බල්ලන් තුන් හතර දෙනෙක් පොලිසිය ඇතුළට ඇවිල්ලා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 651 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 498 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site