
(ටී.කේ.ජී.කපිල )
ඩුබායි වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ තිබූ ටී - 56 උණ්ඩයක් , ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීම සිදු කරමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
ඇය කුරුණෑගල , නිකදළුපොත , හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකි .
ඩුබායි හි වාසය කරන සිය අක්කා දැක බලා ගැනීම සදහා යාමට මෙම විශ්‍රාමික නිලධාරිනිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඇයගේ ගමන් මලු පරිලෝකන යන්ත්‍ර මගින් පරීක්ෂා කළ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙම ජීව උණ්ඩය සොයා ගෙන තිබූ අතර පසුව ඇය මේ පිළිබඳ විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .
එහිදී ඇය ප්‍රකාශයක් ලබා දෙමින් මෙම උණඩය තම අත් බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩුබායි යන්න ආ විශ්‍රාමික ගුවන් සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක්
Ranjan Sunday, 01 September 2024 04:16 PM
හැබෑට ඔය ඩුබායි කියන්නේ ලෝකයේ ඉන්න අපරාධකාරයෝ, මිනීමරුවෝ, හොරු ජිවත්වන රටක් නේද?
රාලහාමි Sunday, 01 September 2024 06:14 PM
බෑග් එකේ 1යි. තව වෙන වෙන තැන්වල කියක් හංගාගෙන ගියාද කියලා කවුද දන්නේ? ගුවන් යානා නාශක උණ්ඩ දෙක තුනක් වුණත් හංගන්න පුළුවන් කට්ටිය ඉන්නවා...!