IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඩුබායි කුමරිය දික්කසාද වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඩුබායි කුමාරිකාව වන ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සිය දික්කසාදය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පසුගියදා නිවේදනය කළාය.

ඉස්ලාම් පිළිවෙත් අනුගමනය කරමින් ඇය දික්කසාද පණිවුඩය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තබා ඇත. "මා ආදරණිය සැමියානෙනි" ලෙස ආරම්භ වෙන එම පණිවුඩය "මම ඔබව දික්කසාද කරනවා, දික්කසාද කරනවා, දික්කසාද කරනවා" ලෙස අවසන් වේ. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ෂෙයිකාට අනුගාමිකයන් ලක්ෂ 4 කට වඩා සිටී. ෂෙයිකා මාහ්රා වර්තමාන ඩුබායි පාලකයාට සිටින දරුවන් 26 දෙනාගෙන් එක් අයෙකි.

ඉස්ලාම් ආගමට අනුව සැමියන් තෙවරක් දික්කසාද කරන බව පැවසීමෙන් සිය බිරිඳව දික්කසාදය ලබා දෙන අතර එය ට්‍රිපල් තලාක් ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් මෙම පණිවුඩය තහවුරු කර ගැනීමට ඩුබායි පාලකයා සහ ෂෙයිකාගේ සැමියා සම්බන්ධ කර ගැනීමට බී.බී.සී පුවත් සේවය උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී ඇත.

ෂෙයිකා තැබූ පණිවුඩය සත්‍ය නම් සමාජ මාධ්‍ය ඔස්සේ දික්කසාද වූ ප්‍රථම රාජකීයයා ඇය වනු ඇති බවද පැවැසෙයි.30 හැවිරිදි ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සහ ෂෙයික් මනා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මනා අල් මක්ටුම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විවාහ දිවියට එළඹී අතර සිය ප්‍රථම දරුවා මීට මාස දෙකකට පෙර ෂෙයිකා බිහි කළාය.



අදහස් (8)

ඩුබායි කුමරිය දික්කසාද වෙයි

ශාන් Friday, 19 July 2024 06:04 AM

මේ තුන්වරක් "තලාක්" කියලා දික්කසාද කිරීම සම්බන්ධ ඉරාකයේ භාවිතාවන අපූරු චාරිත්‍රයක් ගැන මම අහලා තියනවා. ඒ තමයි හලාල් ගණිකා වෘත්තිය. මෙහදි අදාළ ගනුදෙනුකරු හා වෛශ්‍යාව පැය කීපයකට පමණක් විවාහකර දෙනවා. අදාළ කාල වේලාවෙන් පසුව මේ ක්‍රමයට දික්කසාද කරනවා. ඇත්ත නැත්ත දන්නේ නෑ. මම මේක කතාවක් විදියට අහලා තියනවා. මට හොඳටම විශ්වාසයි මේක කබරගොයා තලගොයා කරගෙන කෑමක් මිසක් ආගමට අනුකූල දෙයක් නම් නෙමේ කියලා. මුස්ලිම් අය බොහෝවිට දරුවන් ගණනාවක් සමඟ සතුටින් පවුල් ජීවිතයක් ගෙවනවා. මේ දික්කසාද ට්‍රේන්ඩ් එක නම් එච්චර සුබ දෙයක් නෙමේ...

:       6       18

Indhika Friday, 19 July 2024 07:00 AM

ඔයා ඔහොම වුණාට කුමරියනි, අනිත් අය නම් ගෝනිබිල්ලෝ වගේ අඳින්නේ.

:       6       22

Sellasami Friday, 19 July 2024 09:33 AM

සැප වැඩිවුණොත් ඔහොම දේවල් වෙනවා

:       2       5

don Friday, 19 July 2024 04:25 PM

සෞදි අරාබියේ කාන්තාවකට මෙහෙම සෙල්ලම් දැන්න පුළුවන්ද? මට අමතක වුණා මේ රජතුමාගේ දුවෙක් නේ..

:       0       13

P manjula Saturday, 20 July 2024 07:59 PM

සවුදි වලත් බොහෝ කාන්තාවන් දික්කසාද වී ඉන්නවා. එය 50% ඉහල සංඛ්‍යාවක් බව එක්තරා සවුදි පුද්ගලයෙකු පැවසුවා. අදහස පැවසුවේ ඔහුගේ දත්ත අනුවයි

:       0       0

T wijeratna Saturday, 20 July 2024 08:22 PM

කුමරියගේ කැමැත්තට ඉඩ දෙන්න

:       0       1

සමිර Saturday, 20 July 2024 08:25 PM

ඒයා මාව බදින්න දික්කසාද වෙන්නේ

:       0       1

Lahiru Saturday, 20 July 2024 10:08 PM

මුස්ලිම් ගෑනියෙක්ට මුස්ලිම් ආගමේ විදිහට තියෙන්න ඕනී කිසිම වැදගත් ගති පැවතුම් තිබ්බෙ නෑ. රජගෙ දුව නිසා කැමති කැමති විදිහට හිරට ඇඳගෙන පුක නටව නටව හිටිය. මං නම් කියන්නෙ මේ වගේ ගොසිප් අපිට වැඩකුත් නෑ පත්තරේකවත් දාන්න හොඳ නෑ වෙන එවුන්ගෙ කුණු. දරුවෙකුත් ඉද්දි සල්ලි ඇති තරම් තියන නිසා ඔහේ බල්ලු බලල්ලු වගේ හැසිරෙන ගෑනු කොහොමත් අයින් වෙලා යන එක තමයි හොඳ.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site