IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන නිදහස් කරයි

අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටවලට රංගන දායකත්වය ස්ටෝර්මි ඩැනියෙල්ස්ට සහ තවත් දෙදෙනෙකුට 2016 මැතිවරණ සමයේදී කළ නීති විරෝධී මුදල් ගෙවීම් වසන් කිරීම සඳහා නිව් යෝර්ක් ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම පිළිබඳ ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මැන්හැට්න් නීතිපති කාර්යාලය ගොනු කර තිබූ අධි චෝදනා 34ට තමන් නිවැරදිකරු යැයි මැන්හැට්න් අධිකරණයේ ඊයේ(04) පෙනී සිටි අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් මැන්හැට්න් අධිකරණයට භාර වූ අවස්ථාවේ පැයකට ආසන්න කාලයක් අත් අඩංගුවට පත් වූ අතර චෝදනා ප්‍රකාශයට පත් කර අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලදි.

ස්ටෝර්මි ඩැනියෙල්ස් සමඟ තිබූ අනියම් ලිංගික සබඳතාවය වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 130000 ක මුදලක් ගෙවා ඇති බවත් කැරන් මැක්ඩූගල් නැමැති කාන්තාව සමඟ තිබූ අනියම් සබඳතාවය වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 150000 ක මුදලක් ගෙවා ඇති බවත් ට්‍රම්ප් ටවර් හි මුරකරුවකුට ඔහු දන්නා බව පවසන අනියම් සබඳතාවයකින් ට්‍රම්ප්ට දාව උපන් දරුවකු පිළිබඳ තොරතුරු වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 30000 ක මුදලක් ගෙවා ඇති බවත් එම සිද්ධීන් වසන් කිරීම සඳහා ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත.

නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්වන හෝ ජනතාව නොසන්සුන්කාරී වන ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු ජුවාන් මර්චෑන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇතත් ඔහු එය කඩ කළ බවද පැවැසෙයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන දෙසැම්බර් මාසයේ නැවත කැඳවීමට නියමිතය.

034



අදහස් (3)

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන නිදහස් කරයි

Ratavasiya Wednesday, 05 April 2023 12:28 PM

නිදොස් කොට නිදහස් කරන්න තිබුනෙ.

:       0       0

ජගත් ලියනගේ Wednesday, 05 April 2023 12:30 PM

අමෙරිකාවෙ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ .

:       0       0

de silva Wednesday, 05 April 2023 07:14 PM

මොහු අනිවාර්යයෙන්ම පසුගිය ආත්මේ ලංකාවේ දේශපාලකයෙක් හෝ රජයේ නිලධාරියෙක් වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site