IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඩිජිටල් ආර්ථිකය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට අදාළ මාර්ග සිතියම යටතේ සැලසුම් කරන ලද ප්‍රධාන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. 

මෙම සාකච්ඡාවේදී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දෙන පොදු ඩිජිටල් යටිතල පහසුකම් සඳහා වූ විසඳුම් කඩිනම් කිරීම සහ විශේෂයෙන් විද්‍යුත් ජාතික හැඳුනුම්පත, GovPay රාජ්‍ය ගෙවීම් පද්ධතිය, ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය හා ඩිජිටල් ආර්ථික ආදායම් ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේත් ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේත් කටයුතු  පුළුල් කිරීම පිළිබඳව මෙන්ම නව නීති මගින් ඩිජිටල් ආර්ථික අධිකාරිය හා සයිබර් ආරක්ෂණය පිළිබඳ ආයතන පිහිටුවීම පිළිබඳ යෝජනාද මෙහිදී සමාලෝචනය කරනු ලැබීය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ ශ්‍රී ධනපාල, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ හා  අදාළ ආයතනවල සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (5)

ඩිජිටල් ආර්ථිකය කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

නිමල් Saturday, 17 May 2025 08:33 AM

තවත් සුදු අලි ව්‍යාපෘති, රටේ සල්ලි කාබාසිනියා කරන වැඩක් විතරයි. ඩිජිටල් හැඳුනුම්පත හදන වැඩේ ඉන්දියාවේ සමාගමකට දෙන වැඩපිළිවෙල නේද මේ වෙන නමකින් යන්නේ...?

:       1       2

Lakmal Saturday, 17 May 2025 09:35 AM

හාන්ස් මහත්තයා ඩිජිටල් ආර්ථිකය හදනවා වෙනුවට ඩයලොග් ආයතනයට තවත් මිනිස්සුන්ව හූරන් කන්න උදව් වෙනවා. ස්ටාර්ලින්ක් එක කඩාකප්පල් කළා. මේ වගේ තනතුරු වලට දාන්න ඕනෑ අපක්ෂපාතී නිලධාරීන්ව...

:       0       5

de silva berlin Saturday, 17 May 2025 12:32 PM

කටින් කීවට ඕවා සිද්ධ වෙන්නේ නැහැ. ඩිජිටල් කරාම ඕවා ප්‍රයෝජනයට ගන්න හැමෝටම ජංගම දුරකථන සහ වියාපාරික ස්ථාන වලට පොස් මැෂින් වැනි උපකරණ අවශ්‍ය වෙනවා. මේවාට අධික තීරු බද්දක් ගහනවා. ඩිජිටල් කරන්න ඕනේ නම් අදාල උපකරණ වලට ගහන බද්ද 10% දක්වා අඩු කරන්න. ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගෙවීම් කරනකොට 3% කමිෂන් එකක් අදාල මූල්‍ය ආයතන ගන්නවා. එම කමිෂන් 1% වැඩිය අඩු අගයකට ගෙන එන්න නීති සම්පාදනය කරන්න රජයට පුළුවන්.., ක්‍රෙඩිට් කාර්ඩ් මැෂින් එකට ලක්ෂ 2-3 අවම මාසික අගයක් තිබෙන්න ඕනේ... එහෙම නොමැති වුනොත් බැංකු මාස්පතා දඩ මුදලක් අය කරනවා. රට ඩිජිටල් කරන්න අවශ්‍ය නම් රජය මෙවැනි ප්‍රශ්න ගැන සොයා බලලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕනේ...

:       0       4

R.T. sarath Saturday, 17 May 2025 06:37 PM

ඔය හාන්ස් මහත්මයාගේ ක්‍රියාකලාපය පිලිබඳ ප්‍රශ්න තිබෙනවා, ඔහු ඩයලොග් සමාගමට යම්කිසි ලැදියාවක් තිබෙන බව පෙනී යනවා.. ඔය ඩිජිටල් ආර්ථික හදන්න අවශ්‍ය නම්, ලංකාවේ ටෙලිෆෝන් ඩේටා මිල 50% පමණ අඩු වෙන්න ඕනේ, අනුර සහෝදරය ඔය හාන්ස් විශ්වාස කරලා අමාරුවේ වැටෙන්න එපා... ඔය ඩිජිටල් වැඩේට තමන්ට විශ්වාස කෙනෙක් ගන්න...

:       0       2

prasanna Sunday, 18 May 2025 05:40 PM

කොහේද මේවා කරන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 674 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site