(ඩයනා උදයංගනී)
පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගිය සතියක කාලයේදී පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 1,102 දෙනකු වාර්තා වී ඇති අතර වසරේ මුල් මාස පහ තුළ ඩෙංගු රෝගීන් 17,405 දෙනෙක් වාර්තා වී ඇත.
පසුගිය වසරේ මෙම කාලය තුළ වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 8,936ක් වන අතර, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී ඩෙංගු ව්‍යාප්තිය දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසීය.
පසුගිය සතිය තුළ හඳුනාගත් රෝගීන්ගෙන් බහුතරය බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
උතුරු පළාත තුල පමණක් වසරේ පළමු මාස පහ තුළ ඩෙංගු රෝගීන් 1,785 දෙනෙකු වාර්තා වී ඇති බව එම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඩෙංගු යළි හිස ඔසවයි