IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩෙංගු පරික්ෂාවට ආ සෞඛ්‍ය නිලධාරීට කුණු වතුර ප්‍රහාරයක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ඩෙංගු පරික්ෂාවට ගිය මහජන සෞඛ්යක පරීක්ෂක වරයෙකුට බීමතින් පැමිණි පුද්ගලයෙකු මදුරු කීටයන් සහිත ජල ප්ර හාරයක් එල්ල කළ පුද්ගලයෙකු අද (02) දා අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ කිරිගම්පමුණුව ප්‍රෙද්ශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .

කිරිගම්පමුණුව ප්‍රෙද්ශයේ පාලු ඉඩමක ට කසල බැහැර කරන බවට සෞඛ්යේ වෛද්‍ය  නිලධාරී කාර්යාලයට ලැබී තිබූ පැමිණිල්ලක් විභාග කිරීමට ජල ප්රටහාරයට ලක් වූ මහජන සෞඛ්යර පරීක්ෂකවරයා ඇතුළු දෙදෙනෙකු එම ස්ථානයට 02 දා සවස ගොස් තිබු අතර එය පරීක්ෂා කිරීමේදී ඒ අවට මදුරු කීටයන් බෝ වී ඇති බවට මහජන සෞඛ්යඅ පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී  තිබේ.

ඒ අනුව පාළු ඉඩම සහ අවට නිවෙස් ක්ෂණික සෝදිසි මෙහෙයුමකට යොමු කිරීමෙදී ඉන් එක් නිවසක තැන තැන දමා තිබූ තිබු බදුන්වල වැසි ජලය එක් වී ඒවායේ මදුරු කීටයන් බෝ වී ඇති අයුරු දැක ඇති අතර අදාළ නිවස හිමියන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමින්  සිටියදී එක්වරම නිවස තුළින් එළියට පැමිණි බීමත් පුද්ගලයකු පරුෂ වචනයෙන් මහජන සෞඛ්යය පරීක්ෂකවරයාට බැනවදිමින් රාජකාරියට බාධා කොට පහර දීමට තැත් කර තිබේ.

එම අවස්ථාවේ දී නිවස අවට ඩෙංගු  කීටයන් බෝ වී ඇති බව පවසමින් කලහකාරීව හැසිරුණු පුද්ගලයා දැනුවත් කර ඇති අතර එහිදී එක්වරම කුපිත වූ නිවෙස් හිමියා ඩෙංගු කීටයන් සහිත අපවිත්ර  ජලය එක් රැස් වී තිබූ බඳුන මහජන සෞඛ්යය පරීක්ෂකවරයා රැඳී සිටි දෙසට වීසි කර ඇති අතර එම අවස්ථාවේදී එහි තිබූ අපවිත්රප ජල ප්‍රහාරයට මහජන සෞඛ්යස පරීක්ෂකවරයා ලක්ව තිබේ.

ඒ අනුව රාජකාරියට බාධා කිරීම හා අපවිත්රප ජල ප්‍රහාරය  එල්ල කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්යක පරීක්ෂකවරයා මත්තේගොඩ  පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ක්ෂණිකව ක්රියයාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයාගේ නිවසට ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මකය.



අදහස් (2)

ඩෙංගු පරික්ෂාවට ආ සෞඛ්‍ය නිලධාරීට කුණු වතුර ප්‍රහාරයක්

බද්රානි Tuesday, 02 May 2023 06:19 PM

ඔහොම නෙමේ ගහන්න තිබුනේ, අශුචි මිශ්‍රකල වතුර බාල්දියකින්. අඩුතරමේ දැන් අර බොරුවට ගහපු දුමවත් ගහනවාද? මෙතන මිනිස්සුන්ව අපහසුතාවයට හා පීඩාවට පත්කිරීම තමයි මොවුන්ගේ එකම අරමුණ... රජයේ රෝහල් පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන අසල මෙන්ම නගරසභා අසල මෙලෙස පරීක්ෂා කරනවාද? හරියට මිනිස්සු මදුරුවෝ ඇතිකරනවා වගේනේ මෙවුන්ගේ කතාව. ගහලා එලවන්න ඕනෑ මොවුන්ව... එනවා මෙතන අසරණ ජනතාවට පව් දෙන්න...

:       8       6

ඇන්ටනි - මිගමුව Tuesday, 02 May 2023 06:33 PM

මීගමුවේ ඩෙංගු පරික්ෂා කරන්න එන සමහර පරීක්ෂකයින් මදුරු කීටයින් කුඩා බෝතලයක දමාගෙන ඇවිත් නිවාසවල කාණුවලට, වැහිපීලි වලට හලලා කියනවලු... ඒ ගොල්ලෝ ඒ නිවසෙන් ඩෙංගු කීටයින් හොයාගත්තයි කියලා. ඊට පස්සේ දඩ ගහන්න කලින් ගොඩින් බේරගන්න කියලා තව කෙනෙක් කියනවලු. සමහර මිනිස්සු රුපියල් 1000 පාවාදීලා තියෙනවා. දැන් අපි බලාගෙන ඉන්නේ ඔවුන් අපේ ගෙවල්වලට එනකම්. අනිවාර්යයෙන්ම ඔවුන් ගෙනෙන ඩෙංගු කීටයින් ඔවුන්ටම කවනවා. ඇට කඩලා කීටයෝත් එක්කම පොලිසියට බාරදෙනවා.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site