(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩෙංගු හා පූර්ණ රුධිර පරීක්ෂණ සඳහා ගැසට් කරන ලද නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කළ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර දොළහක් සඳහා පසුගිය මාස හතර තුළ රුපියල් ලක්ෂ 94ක දඩ මුදලක් අධිකරණ මගින් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඒ . යු. රංජන මහතා පැවසීය
කොළඹ , නුගේගොඩ , මාලිගාකන්ද හා ගල්කිස්ස යන අධිකරණවලින් එම දඩ මුදල් නියමකර ඇතැයි ජේෂ්ඨ විමර්ශන නිලධාරියා පැවැසීය
කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය මගින් පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී වැඩි මුදලක් අය කිරීම සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව නඩු පැවරීමෙන් අනතුරුව එකී දඩ මුදල නියම කර තිබිණි
ඊට අමතරව අනෙකුත් පරීක්ෂණ ගාස්තු සම්බන්ධයෙන් විවිධ මධ්‍යස්ථානවල විවිධ ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් දැනට පාරිභෝගික කටයුතු අධිකාරිය ට මැදිහත්වීමේ අවකාශයක් නොමැති බවත් නමුත් බහුලව භාවිතා වන රසායනගාර පරීක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන් යම් මිල සීමාවක් පැනවීම සම්බන්ධයෙන් යෝජනා හා මූලික කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ජේෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ ජි විජේසිරි මහත්වරුන් ගේ මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඒ යු රංජන ,විමර්ශන නිලධාරීන් වන පියල් සමරනායක, එස් යු පුංචිහේවා , ධනුක ගුණරත්න , අරවින්ද ශාලිත හා යසිත ඉෂාන් මහත්වරු වැටලීම්වලට එක්වූහ
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙංගු පරීක්ෂණවලින් සල්ලි ගැරූ රසායනාගාරවලට ලක්ෂ 94 ක් දඩ