(සම්පත් සෙනවිරත්න සහ චාන්දනී දිසානායක)
ටොපි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු ආසාත්මික වීම හේතුවෙන් ඉබ්බාගමුව පොලගොල්ලේ ප‍්‍රසිද්ධ පාසලක දරුවන් 25 දෙනකු සහ වැඩිහිටියන් පස් දෙනකු පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.
ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් 7 දෙනකු හා එක් වැඩිහිටියකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් ලබා ගත් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම තත්වය මුහුණ පා ඇත.
එම පාසලේ 6 සහ 7 වසර වල දරුවන් පිරිසක් මෙම ටොපිය ආහාරයට ගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය හා කැසීම ඇතුලූ රෝගී තත්ත්වයන්ට භාජනය වී ඇති අතර ටොපි ආහාරයට නොගෙන රෝගීන් අතපත ගෑ අයට මෙන්ම දරුවන් ඇල්ලූ අයටද එකී රෝගී තත්ත්ව ඇති වූ බවත් ඔවුහු පවසති.
පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට එම දරුවන් ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් පරීක්‍ෂා කල වෛද්‍යවරයකුට හා සාත්තු සේවකයකුට ද එකී ආසාත්මිකතාවය ඇති වී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ටොෆි කා ලෙඩ වූ දරුවන් 25ක් රෝහලට