IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ටිල්වින් කොමියුනිස්ට් ලොක්කන් හමුවේ

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික, ස්ථාවර කමිටු සාමාජික සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සංවිධාන අංශයේ ප්‍රධානී  ෂී තැයිෆෙන් මහත්වරුන්  ඇතුළු ඉහළ පෙළේ නායක පිරිසක් හමුවූහ.

 බීජිං නගරයේ ප්‍රධාන මහජන ශාලාවේදී මෙම හමුව සිදුවිය.

ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය පිළිබඳව සිහිපත් කළ ෂී තැයිෆෙන් මහතා, පක්ෂයේ කාඩර්වරුන්ගේ දේශපාලන න්‍යායික දැනුම නිරන්තරයෙන් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දුන් අතර චීනය අවශ්‍ය ඕනෑම මොහොතක තම අත්දැකීම් ජනතා විමුක්ති පෙරමුණ සමග බෙදා ගැනීමට සූදානම් බවද පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වැඩසටහන අනුව අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා වූ එකඟතාවයන් කිහිපයක් මෙම වසරේ මුල් කාලයේ චීනයට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සමග ඇති කරගත් බවත් ඔහු සඳහන් කළේය.

එහිදී ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටියේ චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම සංචාරයේදී තවදුරටත් වර්ධනය වූ බවය.



අදහස් (1)

ටිල්වින් කොමියුනිස්ට් ලොක්කන් හමුවේ

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Thursday, 19 June 2025 03:50 PM

අර ඒ කාලේ දවසක් හිටපු ඇමැති මහින්ද විජේසේකර කිව්වා වගේ, ටිල්වින් වගේ 88-89 කාලේ හමුදා කඳවුරුවලට බෝම්බ ගහන්න ආපු අපරාධකාරයින්ට යන්න පුළුවන්... විදේශ ගුවන් තොටුපොළවල් වලදී අපරාධකාරයෙක් එන බව දන්වා අනතුරු අඟවන සංඥා නිකුත් නොකරන චීනය, කියුබාව, උතුරු කොරියාව වගේ ෆැසිස්ට් රට වලට විතරයි..!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1904 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 602 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 691 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site