IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කළ" ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලිකකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට වන බලපෑම් " පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

එම කාරක සභාවේ සභාපති ආචාර්ය සරත් වීරසේකර මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

වැදගත් සන්නිවේදන රැහැන් පෞද්ගලික සමාගම් සතුවුවහොත් ජාතික ආරක්ෂක සහ රාජ්‍ය ආරක්ෂක මෙහෙයුම් අනතුරට ලක්වී බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවද එම වාර්තාව පෙන්වා දෙයි.

එබැවින් ඒ සම්බන්ධයෙන් කවර කවර හෝ තීරණයක් ගැනීමට මත්තෙන් ජාතික ආරක්ෂාවට විය හැකි බලපෑම සමාලෝචනය කිරීම වැදගත් බවද වාර්තාව සඳහන් කළේය.

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයවීමෙන් පසු නිවැරදි බදු ගෙවීම පැහැර හරිමින් ආයතනය නිත්‍යානුකූල ව්‍යාපාර කටයුතුවලින් බැහැරව වෙනත් ආදායම් ඉපැයිය හැකි තැනකට තල්ලු විය හැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

මෙසේ හෙයින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට කමිටුව නිර්දේශ නොකරන බවද වාර්තාවේ දැක්වේ.

එසේම ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට හෝ ඔවුනට උපකාර කළ කිසිවකුට හෝ අසාදු ලේඛන ගත කර ඇති සංවිධානයකට කිසිදු කොටසක් මිලදී ගැනීමට සහ ජාතික වත්කම් පාලනයට ඉඩ නොදිය යුතු බවද එම වාර්තාව නිර්දේශ කරයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කළහොත් එහි බහුතර කොටස්වල අයිතිය සහ පාලනය පෞද්ගලික ආයෝජකයන් සතු වන හෙයින් ඔවුන් සිය ලාභය මිස රටේ පැවැත්ම ගැන කල්පනා නොකරනු ඇතැයිද එහි වැඩිදුරටත් දැක්වෙයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී සරත් වීරසේකර මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

 



අදහස් (3)

ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

prasanna Friday, 09 June 2023 03:55 PM

රජයෙ ආයතන වගෙ නෙමේ පෞද්ගලික අංශයෙ ආයතන නියම විනයක් ඇතිව වැඩකරනව...පාස්කු ප්‍රහාරය වෙන බවට සියලු තොරතුරු ලැබිලත් එය වලක්ව ගන්න බැරි උනෙ රජ්ය ආයතනවල තියෙනෙ අලසකම නිසා...මෙතන ගොන් ටෝක්ඩ දාන්න එනව.

:       0       0

Athula rajapakshe Friday, 09 June 2023 04:03 PM

එළ සරත් එළ...

:       4       4

WCA Friday, 09 June 2023 06:19 PM

සරත්ගේ බිල්ලෝ ජාතික ආරක්ෂාව කියන්නේ මොවුන්ගේ ආරක්ෂාව තමයි.. නැතුව ජනතාව නෙවෙයි, ජනතාවට හෙන ගැහුවත් ජාතික ආරක්ෂාව ඉස්සරහට දාගෙන දේශපාලකයින්ගේ ආරක්ෂාව හදාගන්න එක තමයි හැමදාම කරන්නේ...

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site