IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ට්‍රම්ප්-මෙලානියා ඉරාකයේ සංචාරයක


 ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්  මහතා  සහ  ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප්   ඉරාකයේ සංචාරයක නිරත වූහ.
 

 පෙර දැනුම් දීමකින් තොරව ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් ඉරාකයේ සංචාරය කරමින් එරට රැඳි සිටින ඇමෙරිකා සෙබළුන්ගේ සුව දුක් විමසා බැලූහ. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම සංචාරය බොහෝ දෙනාගේ පුදුමයට හේතු වී තිබිණි. 
 ඇමෙරිකා ජනාධිපතිවරයා සහ එම ආර්යාව මෙලෙස ඉරාකයේ සංචාරයක නිරත වූයේ නත්තල් දිනට පසුදින එනම් දෙසැම්බර් 26 වැනිදාය. ඇතැම් මාධ්‍යය එම සංචාරය ‘නත්තල් සංචාරය’ යනුවෙන් ද නම් කර තිබිණි. 

ඉරාකය අසල්වැසි සිරියාවෙන් ඇමෙරිකා සෙබළුන් ඉවත් කරගන්නා බව නිවේදනය කර දින කිහිපයකට පසු ඇමෙරිකා  ජනාධිපතිවරයා මෙලෙස ඉරාකයේ සිටින ඇමෙරිකා සෙබළුන් හමු විය. 
 

ජනාධිපති ට්‍රම්ප් සිරියාවේ සිටින ඇමෙරිකා සෙබළුන් 2,000ක් නැවත ගෙන්වා ගැනීමට තීරණය කිරීම, ඇෆ්ගනිස්තානයේ සිටින ඇමෙරිකා සෙබළුන් 14,000න් අඩකට වඩා නැවත ගෙන්වා ගැනීමට තීරණය කිරීම සහ ආරක්ෂක ලේකම් ජිම් මැටිස් ඉවත් කිරීමට තීරණය කිරීම යනාදිය නිසා ඇමෙරිකා දේශපාලනය තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය විය. එම සිදුවීම් නිසා ඇමෙරිකා ජනාධිපතිවරයාට හිතකර පුවත් සිරස්තල පළ නොවීය. 
 
 ඉරාක හමුදා ප්‍රධාන වශයෙන් රැඳී සිටින්නේ බැග්ඩෑඞ් අගනුවරට බටහිරින් පිහිටි අල් අසාද් ගුවන් කඳවුරේය. 
 
 එහිදි අදහස් දක්වමින් සිරියාවෙන් හමුදා ඉවත් කරගැනීම සාධාරණීයකරණය කළ ඇමෙරිකා ජනාධිපතිවරයා අයි.එස් සංවිධානයේ පරාජය ඊට ප්‍රධාන වශයෙන් හේතු වූ බව කීවේය.
 
 “අපි සිරියාවේ සිටීමට සීමාවක් තිබුණේ නැහැ. එමෙන්ම අපි හැමදාමත් එහි රැඳී සිටීමට අදහස් කළේ නැහැ. අපි අයි.එස් සංවිධානය පරාජය කර තිබෙනවා. ඒ නිසා එහි සිටින සෙබළුන්ට නැවත රටට ඇවිත් ඔවුන්ගේ පවුල් හා එක්වෙන්න පුළුවන්” යැයි ට්‍රම්ප් කීය. 
 

කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපතිවරයා සිරියාවෙන් ඇමෙරිකා සෙබළුන් ඉවත් කිරීමට ගත් තීරණය ඩිමොක්‍රටික් පක්ෂයේ මෙන්ම ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ බොහෝ දෙනාගේ ද විරෝධයට හා විවේචනයට ලක්ව තිබේ. අයි.එස් සංවිධානයට එරෙහි සටන අවසන් වීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇති බවත් සිරියාවෙන් සෙබළුන් ඉවත් කරගැනීම අයි.එස් සංවිධානයට එරෙහිව සටන් වදින ඇමෙරිකාවේ මිත්‍ර රටවල් මහත් දුෂ්කරතාවකට පත් කරන බවත් ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවල බොහෝ දෙනා පෙන්වාදෙති. 
 
 ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම ධුරයට පත්වීමෙන් පසු යුද ගැටුම් තිබෙන කලාපයක සංචාරය කළ පළමු අවස්ථා  මෙයයි.
 
 මෙම සංචාරය අතරතුරදී ඇමෙරිකා ජනාධිපතිවරයා සහ ඉරාක අගමැති අදෙල් අබ්දුල් මහ්දි අතර හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණත් හමුව පවත්වන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර නොගැනීම නිසා එය අත්හැර දැමූ බව ඉරාක අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කළේය. 
 
 කෙසේ නමුත් ඇමෙරිකා ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ ඉරාක අගමැතිවරයා ඇමතූ බවත් ඉරාක අගමැතිවරයා ඇමෙරිකා එන්නැයි කළ ආරාධනාව පිළිගත් බවත් ධවල මන්දිරය නිවේදනය කර තිබිණි. 
ආරක්ෂක හේතු මත නායකයන් දෙදෙනා අතර හමුව සිදු නොවූ බව ඉන් පැය කිහිපයකට පසු ධවල මන්දිර ප්‍රකාශික සාරා සැන්ඩර්ස් පැවැසුවාය. 
 
 ඉරාකයෙන් සෙබළුන් ඉවත් කරගැනීමට කිසිදු අදහස් නැතැයි ද ට්‍රම්ප් එහිදි කීවේය.
 

නැවත ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන අතරවාරයේදී ට්‍රම්ප් ජර්මනියේ රැම්ස්ටයින් ගුවන් හමුදා කඳවුරට පැමිණ එහි සිටින ඇමෙරිකා එක්සත් ජනපද සෙබළුන් හමු වී ඔවුන් සමඟ පැයකට ආසන්න කාලයක් ගත කළේය. 
 
 
(රොයිටර් ඇසුරිනි)


 
 
 



අදහස් (0)

ට්‍රම්ප්-මෙලානියා ඉරාකයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site