
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙස්ට් පාම් බීච්හි පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර ගොල්ෆ් පිටිය වෙත පෙර සැලැසුම් කිරීමකින් තොරව ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ගොස් ඇතත් ඔහු ඝාතනය කිරීමට උත්සාහ ගත් තැනැත්තා පැය 12 ක පමණ කාලයක් පඳුරු අස්සේ සැඟව සිට ඇති බවත් ඉන් ඇමෙරිකානුවන් විමතියට පත්වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ට්‍රම්ප්ගේ හොඳම මිතුරකු මෙන්ම මැතිවරණ කඳවුරේ පරිත්‍යාගශීලියකු වන ස්ටීව් විට්කොෆ් සමඟ ට්‍රම්ප් ගොල්ෆ් පිටිය වෙත ඉරිදා පස්වරු 1.30 පමණ එහි පැමිණ ඇති බවත් සැකකරු ඊට පෙර පැය 12 කට පමණ පෙර සැකකරු එහි පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ට්‍රම්ප් ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටි ස්ථානයට නුදුරින් වෙඩි 4 ක් හෝ 5 ක් පත්තු වීමත් සමඟ සීක්‍රට් සර්විස ජනාධිපති ආරක්ෂක අංශ ට්‍රම්ප්ව ආරක්‍ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් ඇතත් සැකකරු කිසිම වෙඩිල්ලක් පත්තු කර නැතැයි එෆ්.බී.අයි පරීක්ෂකයෝ පැවැසූහ.එම වෙඩි සියල්ල ආරක්ෂක අංශ සැකකරු වෙත එල්ල කළ ඒවා බවද පරීක්ෂකයෝ සඳහන් කළහ. සැකකරු සැඟවී සිටි ස්ථානයේ සිට ට්‍රම්ප් ඝාතනය කිරීම ඉතාමත් අපහසු කරුණක් බවද පරීක්ෂකයෝ ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් ඇමෙරිකානු රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට ගත් දෙවැනි උත්සාහය අසාර්ථක වී දින දෙකකට පසුව ට්‍රම්ප් නැවත වරක් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රිම්ප් මරන්න පැය 12ක් පඳුරක සඟවිලා ඉඳලා