IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ට්‍රම්ප්ට එරෙහි නඩුවේ දෙවැනි දිනට ජූරි සභිකයින් 7ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩුව ජූරි සභිකයන් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විභාග කිරීමට නියමිත අතර එම නඩු විභාගයේ දෙවැනි දවසවූ ඊයේ (16) ජූරි සභිකයන් 7 දෙනෙකු නඩු විභාගය සඳහා තෝරා ගැනීමට අධිකරණය කටයුතු කර ඇත.

පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු එම ජූරි සභිකයන් සත්දෙනාට අයත් විය. අයර්ලන්තයේ සිට පැමිණ නිව් යෝර්ක් නගරයේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු පුද්ගලයෙකු 18 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවේ ප්‍රධානියා ලෙස පත් කර ඇත.ඒ අනුව ඉදිරිදින වලදී තවත් ජූරි සභිකයන් 11 ක් තෝරා පත් කර ගැනීමට නියමිතව තිබේ.

අපරාධ නඩුව ඊයේ(16) කැඳවූ අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක් ජූරි සභිකයෙකු අපහසුතාවයට පත්වන අයුරින් අධිකරණයේදී කටයුතු කර ඇති බවත් එය කිසිසේත් ඉවසිය නොහැකි බවත් මින් ඉදිරියට එසේ නොකරන ලෙසට අවවාද කරන බවත් පවසමින් විනිසුරු ජුවාන් මර්චන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇත.

එසේම ජූරි සභිකයන් ලෙස පෙනී සිටීමට පැමිණ සිටි පුද්ගලයන් පස් දෙනෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ අපහාසාත්මක අයුරින් ප්‍රකාශ පළ  කර තිබෙන බවත් ඒ හේතුවෙන් ඔවුන් පස්දෙනා ඉවත් කරන ලෙසත් ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

ජූරි සභිකයන් 18 දෙනෙකු තෝරා පත්කර ගැනීමෙන් පසුව ලබන සතියේදී නඩු විභාගය ආරම්භ කරමින් දෙපාර්ශ්වය ආරම්භක දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු විභාගයේදී චෝදනා 34 සඳහාම වරදකරු බව අධිකරණය තීරණය කළහොත් ඒ සඳහා ඔහුට වසර 10 කට වැඩි සිර දඬුවමක් නියම විය හැකි බවට නීති විශාරදයෝ මත පළ කළහ.එපමණක් නොව ඇමෙරිකානු ඉතිහාසය තුළ ජනාධිපති ධුරය දැරූ පුද්ගලයෙකු අපරාධ නඩුවක් සඳහා මුහුණ දෙන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට සඳහා රංගනයෙන් දායකවන ස්ටෝර්මි ඩැනියෙල් සඳහා 2016 වසරේ පැවතී ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ඩොලර් 130,000 මුදලක් ගෙවීම ඇතුළු එවකට සිදුවූ තවත් මුදල් ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් අසත්‍ය ව්‍යාපාරික වාර්තා ගොනු කිරීම සම්බන්ධයෙන් චෝදනා 34 යටතේ මෙම නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇත.

 



අදහස් (1)

ට්‍රම්ප්ට එරෙහි නඩුවේ දෙවැනි දිනට ජූරි සභිකයින් 7ක්

Prabha Wednesday, 17 April 2024 11:54 AM

ට්‍රම්ප් හිටියා නම් හැබැයි... මේ කාලකණ්ණි යුද්ධ නොවෙන්න එදා තිබුණා...

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site