IMG-LOGO

ටිරාන් - දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක්

(ගයාන් සූරියආරච්චි)

කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

බන්ධනාගාර නිලධාරීන් විසින් හරක් කටා නැමැත්තා නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ භූමියට රැගෙන විත් නැවත ඔහු බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී රුපියල් කෝටි තිහක මුදලක් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.

ඒ සම්බන්ධයෙන් ප්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අද (15) විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය කියයි.

 

 



අදහස් (12)

ටිරාන් - දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක්

රට වැසිය Friday, 16 May 2025 12:26 AM

රට වැසියන් විදියට අපි මේ ගැන කලබල විය යුතු නැහැ! හොරුන්ට, අපරාධකාරයන්ට නිසි රැකවරණය මේ ආණ්ඩුවෙන් නොඅඩුව ලැබෙනව! මේ වෙනකල් පොලිස් පරක්ෂණ කරල විසඳපු නඩුවක් නැත!!!

:       21       15

Nimal 1 Friday, 16 May 2025 05:54 AM

එක වල්ලේ පොල්

:       1       11

rmv-boys Friday, 16 May 2025 08:10 AM

මොනාහරි ප්‍රශ්නයක් තියනවා නම් හොඳම වැඩේ ,හරක් කට්ට කියන එක . ඔය යන එන ගමන් කෑ ගැහුවා නම් පොලිසිය ටක් ගාලා පරීක්ෂණ පටන් ගන්නවා

:       2       17

රම්බොඩ Friday, 16 May 2025 08:25 AM

ඒක පට්ට. දැන් පාතාලයන් කියන විදිහට වැඩ යන්නෙ

:       7       15

C.K.Lankaputhra Friday, 16 May 2025 08:27 AM

මේ යුගලයේ ක්‍රියා කලාපය ගැන ප්‍රසිද්ධ රහසක්. පොලිසිය මෙතෙක් කල් නොදැන සිටීම අපිට නම් පුදුමයක්. මේ දෙන්නා කලේ ඇති තරම් හම්බ කරපු එකයි. දේශබන්දුගේ නඩුවේදී කිය උනානේ මේ පුද්ගලයා ලංකාවේ සියලුම අග්ර ගන්‍ය පාතාලයන්ටත් වඩා ඉහලම පාතාලයෙක් කියල. එය පරම සත්‍යක්.

:       3       17

අරවින්ද මොණරවිල Friday, 16 May 2025 10:42 AM

රාජපක්ෂ වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කූලී දාසයන්ට හොරු ඇල්ලුවත් ප්‍රශ්නයක් හොරු නැහැල්ලුවත් ප්‍රශ්නයක්, නඩු දැම්මත් ප්‍රශ්නයක් නඩු නොදැම්මත් ප්‍රශ්නයක් බව අපි දන්නවා. ඒ මොනවා උනත් කරන්න තියෙනදේ හරියට නියමිත වෙලාවට මේ ආණ්ඩුව කරන බවත් අපි දන්නවා, කුලිකාරයන්ට තව ටික දවසකින් අබ සරණයි !

:       6       15

චමිල් පෙරෙරා Friday, 16 May 2025 10:50 AM

අනේ අපි නොදන්න ශ්‍රී ලංකා පොලිසිය නොදකිං

:       0       9

ඇන්ඩ්රු -npp Friday, 16 May 2025 10:56 AM

අනිත් මිනිස්සුන්ට කුලී කාරයො කියන ආනන්ද ආණ්ඩුවේ කුලී කාරයෙක්.ඔය ලුණුවලට ප්‍රශ්නයක් ඇවිත් තියෙන්නෙත් කරන්න තියනදේ හරියටම කරල තියන නිසානෙ.

:       6       10

so sad Friday, 16 May 2025 11:27 AM

මේ ආණ්ඩුව ආවට පස්සේ, ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක් ගැන දාපු පැමිනිල්ලකට අද වෙනකන් කරපු දෙයක් නෑ. අද වෙනකන් ඉෂාරව හොයා ගන්න බෑ. අර කොල්ලට ගහපු “මොන අම්මද?” කියන කෙනා සුවසේ සැප සේ ඉන්නවා. රටේ ඉන්න ලොකුම අපරාධකාරයෙක් උසාවියෙන් යන ගමන් කිව්ව එකට කඩිනමින් ක්‍රියාත්මක වුණා. අනේ පොලීස් ... උබලා පව්!

:       0       4

Anura Friday, 16 May 2025 01:11 PM

දන්නෝ දනිති, ටිරාන් අලස් ඉන්නේ මේ NPP ආණ්ඩුවට උඩින් . හරක් කටාගේ ප්‍රකාශය නිසා නිකන් නොකර බැරි නිසා පරීක්ෂණයක් කරනවා ඇඟ බේරාගන්න. කවදා හරි මේරටේ මහජන ආණ්ඩුවක් පිහිටු වනකන් මේ වගේ යෝධ හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ...

:       0       4

කපුරු හාමි Friday, 16 May 2025 01:26 PM

කොමෙන්ට්ස් කරලා තියෙන අයට, සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කැළෑ නීතිය රජ කරවපු හැටි මතක නැතුව ඇති. රටේ යුක්තිය, නීතිය සාධාරණය විනාශ කරලා, අධිකරණය පවා දේශපාලණීකරණය වෙලා තිබුනේ.. ඒ කාලේ තිබුණු බයට කටවල් පූට්ටු කරගෙන හිටපු අයගේ කටවල් දැන් ඇරිලා. මාළිමා ආණ්ඩුව බලයට ආවායින් පස්සේ තමා දූෂිත දේසපාලුවන්ගේ කෙරුවවාල් එළියට ආවේ...?

:       3       0

prasanna Saturday, 17 May 2025 03:44 PM

මේ ජෙප්පන්ට 69 ලක්ෂයම හොරු. අපිට නම් මේ ඔක්කොම රටම ගිනි තියපු සහ අහිංසක මිනිසුන් මරාදාපු සංවිධානයක් විතරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site