IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ටයර් ගබඩාවක් ගිනි ගනී

(ප්‍රසාද් රුක්මල් ) 

ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ ටයර් ගබඩාවක් අද (22) හටගත් හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි අඹගස්දොව පොලිසිය පවසයි .

මෙම ටයර්  ගබඩාව වසා තිබියදී මෙසේ ගින්න  හටගෙන ඇති අතර , බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය ,  අඹගස්දොව පොලිසිය , ඌවපරනගම ප්‍රාදේශීය සභාව එක්වී වතුර  බවුසර් යොදා ගනිමින් ගින්න අවට ප්‍රදේශයේ පැතිර යාමට  ඉඩ නොදී නිවා දැමූ බවද පොලිසිය කීය .

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ගින්නෙන් ටයර්  ගබඩාවේ තිබූ ටයර් විනාශ වී ඇති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැතැයි පොලිසිය සදහන් කළේය .



අදහස් (1)

ටයර් ගබඩාවක් ගිනි ගනී

රංබොඩ Monday, 22 July 2024 10:38 AM

කොයි තරම් පරිසර දූෂනයක් වෙන්න ඇද්ද. මෙවැනි ගබඩා පවත්වාගෙන යන්න ප්‍රමිතියක් නැති කමේ ප්‍රශ්න .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site